රුසියාවේ AN-24 වර්ගයේ මගී ගුවන් යානයක් එහි ගමන් ගත් 48 දෙනා සමඟ කඩා වැටී ඇති අතර, මෙම අනතුරෙන් සියලු දෙනාම මියගොස් ඇති බව වාර්තා වේ. ප්‍රාදේශීය ආණ්ඩුකාර වාසිලි ඕර්ලොව් (Vasily Orlov) පවසා ඇත්තේ, මූලික දත්ත අනුව, යානයේ ළමුන් පස් දෙනෙකු ඇතුළු මගීන් 43 දෙනෙකු සහ කාර්ය මණ්ඩල සාමාජිකයින් හය දෙනෙකු සිටි බවයි.
සිවිල් ආරක්ෂක, හදිසි අවස්ථා සහ ආපදා සහන අමාත්‍යාංශය ප්‍රකාශ කර ඇත්තේ, සයිබීරියාවේ (Siberia) පාදක කරගත් අංගාරා (Angara) ගුවන් සේවයට අයත් An-24 වර්ගයේ යානය, චීනයට මායිම්ව පිහිටි අමූර් (Amur) කලාපයේ ටින්ඩා (Tynda) නගරයේ ගමනාන්තයට ළඟා වෙමින් සිටියදී රේඩාර් තිරවලින් අතුරුදහන් වූ බවයි. රුසියානු ගලවා ගැනීමේ කණ්ඩායම් ගුවන් යානයේ බඳ ගිනි ගනිමින් තිබියදී සොයා ගත් බවත්, යානයේ සුන්බුන් අමූර් ප්‍රදේශයෙන් හමු වූ බවත් ය.
මාස දෙකක කාලයක් තුළ රුසියාවේ මෙම වර්ගයේ ගුවන් යානයක් සම්බන්ධයෙන් සිදුවූ දෙවන අනතුර මෙයයි. මෙම අනතුරු මාලාවත් සමඟ AN-24 ගුවන් යානාවල ආරක්ෂාව සම්බන්ධයෙන් ප්‍රශ්න මතු වී තිබෙනවා.
උපුටා ගැනීම: සියළු තොරතුරු ALJAZEERA ඇසුරෙනි.