දෙවන ලෝක යුද්ධයේදී ජපානයට එරෙහිව ජයග්‍රහණයට වසර 80ක් සපිරීම නිමිත්තෙන් පැවති විශාල හමුදා පෙළපාලියකදී, චීන ජනාධිපති ෂී ජින්පිං ලේසර් අවි, න්‍යෂ්ටික බැලැස්ටික් මිසයිල සහ යෝධ දිය යට ඩ්‍රෝන යානා ප්‍රදර්ශනය කර ඇත.
පෙළපාලියට සමගාමීව පැවති හමුවකදී, උතුරු කොරියාවේ සහෝදර යුතුකමක් ලෙස රුසියාවට උදව් කරන බව කිම්, පුටින්ට පවසා ඇත. උතුරු කොරියාව දැනටමත් යුක්රේනයට අවි ආයුධ සහ හමුදා සේනාංක යවා ඇත.
මෙම අවස්ථාවට රුසියාවේ ව්ලැඩිමීර් පුටින් සහ උතුරු කොරියාවේ කිම් ජොං පමණක් බටහිර නායකයින් ලෙස සහභාගී වී ඇති අතර, තවත් රාජ්‍ය නායකයින් පිරිසක් එක් වී ඇත. නායකයින් තිදෙනාම එකම අවස්ථාවකදී හමු වූ පළමු අවස්ථාව මෙය වන අතර, එය මෙම පෙළපාලියේ වඩාත්ම වැදගත් සිදුවීම ලෙස සැලකේ. මේ අතර, පෙළපාලියට සහභාගී නොවූ ඩොනල්ඩ් ට්‍රම්ප් සමාජ මාධ්‍ය හරහා ෂීට දොස් පවරා ඇති බව වාර්තා වේ.
උපුටා ගැනීම: සියළු තොරතුරු BBC ඇසුරෙනි.