බිළිඳුන් සඳහා වන පළමු මැලේරියා ඖෂධයට අනුමැතිය.

බිළිඳුන් සඳහා අනුමත කරන ලද මැලේරියා ඖෂධ මේ දක්වා භාවිතා කර නොමැති අතර, ඒ වෙනුවට ඔවුන්ට ප්‍රතිකාර කරනු ලැබුවේ වැඩිහිටි දරුවන් සඳහා සකස් කරන ලද ඖෂධ වර්ගවලින් වේ. එමගින් අධි මාත්‍රාවක් (overdose) ඇතිවීමේ අවදානමක් පැවතුණි. මෙම ඖෂධය සති කිහිපයක් ඇතුළත අප්‍රිකානු රටවලට හඳුන්වා දීමට අපේක්ෂා කෙරේ.

නවතම සංඛ්‍යාලේඛන අනුව 2023 වසරේදී මැලේරියාවෙන් මරණ 597,000ක් පමණ වාර්තා වී තිබේ. මෙම මරණවලින් බොහොමයක් අප්‍රිකාවෙන් වාර්තා වූ අතර, ඒවායින් හතරෙන් තුනක් පමණ අවුරුදු පහට අඩු ළමුන් විය. ළමුන් සඳහා මැලේරියා ප්‍රතිකාර තිබුණද, මේ දක්වා කිලෝග්‍රෑම් 4.5කට (රාත්තල් 10ක් පමණ) අඩු බරැති ඉතා කුඩා බිළිඳුන් සහ දරුවන් සඳහා ඖෂධ භාවිතා කර නොමැත.

ඖෂධ සමාගමක් වන නොවාර්ටිස් (Novartis) විසින් වැඩි දියුණු කරන ලද නව ඖෂධයක් ස්විස් බලධාරීන් විසින් අනුමත කර ඇති අතර, සති කිහිපයක් ඇතුළත වැඩිම මැලේරියා අනුපාත ඇති කලාපවලට සහ රටවලට එය හඳුන්වා දීමට නියමිතයි. නොවාර්ටිස් එය බොහෝ දුරට ලාභ නොලබන පදනමක් මත හඳුන්වා දීමට සැලසුම් කර ඇත.

උපුටා ගැනීම: සියළු තොරතුරු BBC ඇසුරෙනි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top