බිට්කොයින් (Bitcoin) බ්‍රහස්පතින්දා (ජූලි 10) දින සිය මෙතෙක් වාර්තා කළ ඉහළම අගයට ළඟා වූ අතර, ආයතනික ආයෝජකයින්ගේ ඉල්ලුම සහ එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ (Donald Trump) පරිපාලනයේ හිතකර ප්‍රතිපත්ති ඊට හේතු වී ඇත.
ලෝකයේ විශාලතම ක්‍රිප්ටෝ මුදල් වර්ගය ඩොලර් 116,046.44 ක උපරිම අගයකට ඉහළ ගොස්, බ්‍රහස්පතින්දා කලින් වාර්තා කළ ඩොලර් 113,734.64 වාර්තාව බිඳ දමා ඇත. මේ වන විට මෙම වසරේ එහි අගය 24% කින් පමණ ඉහළ ගොස් තිබෙනවා.
මාර්තු මාසයේදී, ට්‍රම්ප් ක්‍රිප්ටෝ මුදල් සඳහා උපායමාර්ගික සංචිතයක් පිහිටුවීමට විධායක නියෝගයකට අත්සන් තැබීය. ඔහු සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ (Securities and Exchange Commission) පෝල් ඇට්කින්ස් (Paul Atkins) සහ ධවල මන්දිරයේ කෘත්‍රිම බුද්ධි අධ්‍යක්ෂ ඩේවිඩ් සැක්ස් (David Sacks) ඇතුළු ක්‍රිප්ටෝ-හිතකාමී පුද්ගලයන් කිහිප දෙනෙකු ද පත් කිරීමට කටයුතු කර ඇත.
උපුටා ගැනීම: සියළු තොරතුරු Reuters ඇසුරෙනි.