බාලි හි පිහිටි හෝටලයක සිදුවූ මාරාන්තික වෙඩි තැබීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඕස්ට්‍රේලියානු ජාතිකයන් තිදෙනෙකු ඉන්දුනීසියානු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙම සිද්ධියෙන් එක් අයෙකු මියගොස් ඇති අතර, තවත් අයෙකුට බරපතල තුවාල සිදුවිය.
මියගිය 32 හැවිරිදි සිවන් රඩ්මනොවික් (Zivan Radmanovic) නැමැත්තා සෙනසුරාදා (ජුනි 15) මධ්‍යම රාත්‍රියෙන් පසු ජීවිතක්ෂයට පත්ව ඇති අතර, තවත් ඕස්ට්‍රේලියානු ජාතිකයෙකු වන 35 හැවිරිදි සනාර් ඝනීම් (Sanar Ghanim) බරපතල තුවාල ලබා ඇත. බාලි පොලිස් ප්‍රධානී ඩැනියෙල් අඩිට්යාජා (Daniel Adityajaya) අඟහරුවාදා මෙම අත්අඩංගුවට ගැනීම් තහවුරු කරමින් කියා සිටියේ, සැකකරුවන් ලෙස හඳුනාගෙන ඇති අයට, පූර්ව සැලසුම් සහගත මිනීමැරුම් චෝදනා එල්ල වී ඇති අතර, වරදකරුවන් වුවහොත් මරණ දණ්ඩනයට පවා මුහුණ දීමට සිදුවිය හැකි බවයි.
මෙම එක් සැකකරුවෙකු ජකර්තා ප්‍රධාන ගුවන් තොටුපළෙන් පලා යාමට උත්සාහ කරද්දී අත්අඩංගුවට ගෙන ඇති අතර සෙසු දෙදෙනා ඉන්ටර්පෝල් (Interpol) ආයතනයේ සහය ඇතිව විදේශයන්හිදී අත්අඩංගුවට ගෙන ඇත.
පොලිසිය විසින් මිලිමීටර් 9 වර්ගයේ ගිනි අවියක්, යතුරුපැදියක් සහ පලා යාමට භාවිතා කළ මෝටර් රථ දෙකක් ද අත්අඩංගුවට ගෙන තිබේ.
පරීක්ෂණ තවදුරටත් ක්‍රියාත්මක වන අතර, මෙම අපරාධය පිටුපස සිටින ප්‍රධාන මොළකරු තවමත් නිදැල්ලේ සිටිය හැකි බව පොලිසිය පවසයි. වෙඩි තැබීමට හේතුව තවමත් තහවුරු වී නොමැත.
උපුටා ගැනීම: සියළු තොරතුරු CNA ඇසුරෙනි.