හෙවි මෙටල් සංගීතයේ පුරෝගාමී සංගීත කණ්ඩායමක් වන බ්ලැක් සැබත් (Black Sabbath) හි ප්‍රධාන ගායක ඔසී ඕස්බෝන්, 76 හැවිරිදි වියේදී එක්සත් රාජධානියේදී අභාවප්‍රාප්ත වී ඇති බව වාර්තා වේ.
බ්ලැක් සැබත් සංගීත කණ්ඩායමේ සම-නිර්මාතෘ ටෝනි අයෝමි (Tony Iommi) පවසා ඇත්තේ, ඔවුන්ට “අපේ සහෝදරයා අහිමි වූ” බවයි. බේස් වාදක ටෙරන්ස් “ගීසර්” බට්ලර් (Terence “Geezer” Butler) ඔවුන්ගේ අවසන් ප්‍රසංගය සිහිපත් කර ඇති අතර, ඩ්‍රම් වාදක බිල් වෝඩ් (Bill Ward) ඔවුන් එකට සිටි ඡායාරූපයක් බෙදාගෙන තිබෙනවා.
ඕස්බෝන්ගේ මරණය සිදුවන්නේ, ඔහුගේ උපන් නගරය වන බර්මින්හැම් (Birmingham) හිදී සංගීත කණ්ඩායමේ අවසන් ප්‍රසංගය පැවැත්වීමෙන් සති කිහිපයකට පසුවයි.
ක්වීන් (Queen) සංගීත කණ්ඩායමේ බ්‍රයන් මේ (Brian May), එල්ටන් ජෝන් (Elton John), රොඩ් ස්ටුවර්ට් (Rod Stewart), මෙටලිකා (Metallica), රෝලින් ස්ටෝන්ස් (Rolling Stones) හි රොනී වුඩ් (Ronnie Wood) සහ යන්ග්බ්ලඩ් (Yungblud) යන සියලු දෙනාම ඔහුට උපහාර දක්වා ඇති බව වාර්තා වේ.
2019 දී පාකින්සන් රෝගය (Parkinson’s) වැළඳී ඇති බව හඳුනා ගත් ඕස්බෝන්, ඔහුගේ ශක්තිජනක සහ මතභේදාත්මක සජීවී ප්‍රසංග සඳහා ප්‍රසිද්ධියක් ඉසිලූ අතර, බොහෝ රසිකයින් ඔහු රියලිටි රූපවාහිනී වැඩසටහනක් වන ‘The Osbournes’ හරහා ද දැන හඳුනා ගෙන තිබුණි.
උපුටා ගැනීම: සියළු තොරතුරු BBC ඇසුරෙනි.