කුඩා බෝට්ටු මගින් English Channel හරහා සරණාගතයින් සහ සංක්‍රමණිකයින් ගමන් කිරීමට පහසුකම් සපයන අයට එරෙහිව නව මූල්‍ය සම්බාධක පාලන තන්ත්‍රයක් යටතේ, එක්සත් රාජධානිය (United Kingdom) මිනිස් ජාවාරමට සම්බන්ධ ඉලක්ක 25කට සම්බාධක පනවා තිබෙනවා.
ඉලක්ක කරගත් පුද්ගලයන් සහ ආයතන අතරට ආසියාවේ කුඩා බෝට්ටු සැපයුම්කරුවෙකු සහ බෝල්කන් (Balkans) හා උතුරු අප්‍රිකාවේ (North Africa) පාදක කරගත් කණ්ඩායම් නායකයින්ද ඇතුළත් වන බව සදහන් වේ. මේ හරහා ගමන් කිරීමට අදාළ ගෙවීම් සඳහා භාවිතා කරන, මැද පෙරදිග (Middle East) හවාලා (hawala) මුදල් හුවමාරු පද්ධතිය හරහා මුදල් යොදවන මැදිහත්කරුවන් ද මෙයට ඇතුළත් වේ.
මෙම පියවර ගනු ලැබුවේ, පොලිස් බලකායන්ට සහ හවුල්කරුවන්ට මිනිස් ජාවාරම්කරුවන් විමර්ශනය කිරීමට සහ නඩු පැවරීමට ඇති බලාත්මක කිරීමේ බලතල වැඩි දියුණු කිරීම සඳහා දේශසීමා ආරක්ෂක, සරණාගත සහ සංක්‍රමණ පනත (Border Security, Asylum and Immigration Bill) යටතේ නීති හඳුන්වා දීමෙන් පසුවයි.
විදේශ ලේකම් ඩේවිඩ් ලැමී (David Lammy) පවසා ඇත්තේ, එය සංවිධානාත්මක සංක්‍රමණ අපරාධ මැඩලීමට සහ එක්සත් රාජධානියට වන අවිධිමත් සංක්‍රමණය අඩු කිරීමට රජය දරන ප්‍රයත්නයේ සන්ධිස්ථානයක් බවයි.
උපුටා ගැනීම: සියළු තොරතුරු ALJAZEERA ඇසුරෙනි.