මැදපෙරදිග උණුසුම වැඩිවීමත් සමඟ, ඊශ්‍රායලය සහ ඉරානය අතර සෘජු හමුදා ක්‍රියාමාර්ගයකට එක්සත් රාජධානියේ භූමිකාව පිළිබඳව ප්‍රශ්න මතුව තිබේ. 2003 වසරේදී ඉරාකයට එරෙහිව දියත් කළ මතභේදාත්මක හමුදා මෙහෙයුමකදී බ්‍රිතාන්‍යය, අමෙරිකාවේ සමීපතම නමුත් කනිෂ්ඨ මිතුරා ලෙස කටයුතු කළ ආකාරය ඉතිහාසය සිහිපත් කරයි.
කෙසේ වෙතත්, මෙම ගැටුමේදී එක්සත් රාජධානියේ ස්ථාවරය සංකීර්ණ ය. බ්‍රිතාන්‍යය, අනෙකුත් G7 මිත්‍ර පාක්ෂිකයන් සමඟ එක්ව, ගැටුම අඩු කරන ලෙස ප්‍රසිද්ධියේ ඉල්ලා සිටියද, ඊශ්‍රායලය ඊට සවන් දීමට අකමැති බවක් පෙනී යයි. පලස්තීනුවන්ට එරෙහිව ප්‍රචණ්ඩත්වය අවුලුවාලීම සම්බන්ධයෙන් ඊශ්‍රායල කැබිනට් අමාත්‍යවරුන් දෙදෙනෙකුට සම්බාධක පැනවීම සඳහා බ්‍රිතාන්‍යය අනෙකුත් බටහිර ජාතීන් සමඟ එක්වීමෙන් පසු, එක්සත් රාජධානිය සහ ඊශ්‍රායලය අතර සබඳතා මෑතකදී අර්බුදයට ලක්විය.
තවද, ඉරානයට එල්ල කළ සිය මෑතකාලීන ප්‍රහාරය පිළිබඳව ඊශ්‍රායලය එක්සත් රාජධානියට කලින් දැනුම් නොදුන් බවට වාර්තා වේ. ඊශ්‍රායලය බ්‍රිතාන්‍යය “විශ්වාසදායක හවුල්කරුවෙකු නොවන” බව සලකා ඇති බව සඳහන් වේ. මෙය පෙන්නුම් කරන්නේ, ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහනට එරෙහිව හමුදාමය වශයෙන් ක්‍රියාමාර්ග ගැනීමට ඊශ්‍රායලය අධිෂ්ඨාන කරගෙන සිටින බවයි.
උපුටා ගැනීම: සියළු තොරතුරු BBC ඇසුරෙනි.