බ්‍රිතාන්‍යයේ කාර්යබහුලම ගුවන් තොටුපළවල්වලින් අඩකට වඩා වැඩි ප්‍රමාණයක්, මගීන් ගුවන් පර්යන්ත අසලට බස්සවා ඉක්මනින් පිටත්ව යන වාහන සඳහා අය කරන “Kiss-and-fly” ගාස්තු ඉහළ දමා ඇති බව, RAC (Royal Automobile Club) හි පර්යේෂණවලින් හෙළි වී ඇත.
මෙම මෝටර් රථ කණ්ඩායම සොයාගෙන ඇත්තේ, එක්සත් රාජධානියේ ගුවන් තොටුපළවල් 20න් 11ක්ම පසුගිය ජූලි මාසයේ සිට මිල ගණන් ඉහළ දමා ඇති බවයි. ගැට්වික් (Gatwick), බ්‍රිස්ටල් (Bristol), ලීඩ්ස් බ්‍රැඩ්ෆෝර්ඩ් (Leeds Bradford) සහ සවුත්හැම්ප්ටන් (Southampton) ගුවන් තොටුපළවල්, ස්ටෑන්ස්ටඩ් (Stansted) සමඟ එක්ව, මිනිත්තු කිහිපයක් සඳහා රථගාල් කිරීමට පවුම් 7ක ඉහළම ගාස්තුවක් අය කරනු ලබන බව වාර්තා වේ.
ගුවන් තොටුපළ කර්මාන්තය නියෝජනය කරන Airports UK පවසා ඇත්තේ, සියලුම ගුවන් තොටුපළ මගින් පර්යන්තවලින් දුරින් නොමිලේ මගීන් බස්සවා යාමේ (drop-off) පහසුකම් සපයන බවයි. උදාහරණයක් ලෙස “park and ride” පහසුකම් යටතේ මිනිසුන්ට තම මෝටර් රථ නවතා බස් රථයකින් ගුවන් තොටුපළට යා හැකි බව සඳහන් කළා. ලන්ඩන් හීත්‍රෝ (London Heathrow), එඩින්බරෝ (Edinburgh), බර්මින්හැම් (Birmingham) සහ ලිවර්පූල් (Liverpool) යන ගුවන් තොටුපළවල් සියල්ලම මිනිත්තු 10 සිට 20 දක්වා කාලයක් සඳහා තම ගාස්තු පවුම් 1කින් ඉහළ දමා ඇති බව ප්‍රකාශ කර ඇත.
RAC තවදුරටත් සොයාගෙන ඇත්තේ, කාඩිෆ් (Cardiff) ගුවන් තොටුපළ ප්‍රථම වතාවට මිනිත්තු 10ක් සඳහා පවුම් 3ක ගාස්තුවක් හඳුන්වා දී ඇති බවයි. මේ අතර, පර්යේෂණවලින් පෙන්නුම් කළේ, ලන්ඩන් ලුටන් (London Luton) සහ මැන්චෙස්ටර් (Manchester) ගුවන් තොටුපළවල් මිනිත්තුවකට වැඩිම මිලක් අය කරන බවයි. එහිදී රියදුරන් මිනිත්තු පහක් නැවැත්වීම සඳහා පවුම් 5ක් ගෙවිය යුතු වේ.
උපුටා ගැනීම: සියළු තොරතුරු BBC ඇසුරෙනි.