එක්සත් රාජධානියේ (UK) අසභ්‍ය අන්තර්ගතයන්ට ඉඩ දෙන වෙබ් අඩවි 6,000ක් පමණ පරිශීලකයින් 18 ට වැඩි දැයි පරීක්ෂා කිරීම ආරම්භ කරන බව, මාධ්‍ය නියාමක ඔෆ්කොම් (Ofcom) පවසා ඇත.
ඔෆ්කොම් හි ප්‍රධාන විධායක ඩේම් මෙලනි ඩෝස් (Dame Melanie Dawes) ප්‍රකාශ කර ඇත්තේ, මාර්ගගතව ළමා ආරක්ෂාව වැඩි දියුණු කිරීම සඳහා “තාක්ෂණික කර්මාන්තයෙන් වචන පමණක් නොව ක්‍රියාවන් ද දැකීමට අප ආරම්භ කර ඇති” බවයි. ඇය පැවසුවේ, වයස තහවුරු කිරීම සම්බන්ධයෙන්, වෙනත් කිසිම රටක් මෙවැනි ක්‍රියාමාර්ග සාර්ථක කර ගෙන නැති බවයි.
කෙසේ වෙතත්, එක්සත් රාජධානියේ ක්‍රියාත්මක වන ප්‍රධාන අසභ්‍ය වෙබ් අඩවියක් හෝ අද උදෑසන වන විට වයස පරීක්ෂා කිරීම අවශ්‍ය කර නැත. ඔෆ්කොම් හි වයස් පරීක්ෂාවල ඵලදායීතාවය සහ මිනිසුන්ට, විශේෂයෙන් ළමයින්ට, ඒවා මගහැරීම කෙතරම් පහසු විය හැකිද යන්න පිළිබඳව විශේෂඥයින් තවමත් සැක පහළ කර සිටිති.
ඔෆ්කොම් කියා සිටියේ, ඩිස්කෝඩ් (Discord), X (කලින් ට්විටර් – Twitter), සමාජ මාධ්‍ය යෙදුමක් වන බ්ලූස්කයි (Bluesky) සහ ග්‍රයින්ඩර් (Grindr) ඇතුළු තවත් වේදිකා ගණනාවක් වයස් පරීක්ෂාවන් හඳුන්වා දීමට එකඟ වී ඇති බවයි.
උපුටා ගැනීම: සියළු තොරතුරු BBC ඇසුරෙනි.