ක්‍රි.ව. 1066 දී නෝමන්වරුන් එංගලන්තය ආක්‍රමණය කිරීම විස්තර කරන, ඓතිහාසික වශයෙන් වැදගත් කලා කෘතියක් වන බයියු ටේපස්ට්‍රි (Bayeux Tapestry) චිත්‍රය ලන්ඩනයට ගෙන යාමට එරෙහිව ප්‍රංශයේ විරෝධය දැඩි වී තිබෙන බව වාර්තා වේ.
මේ අනුව, සැප්තැම්බර් 1 සිට ප්‍රංශයේදී මෙම කලා කෘතිය මහජන ප්‍රදර්ශනය සඳහා වසා තැබෙනු ඇත. වසර 1,000කට ආසන්න පැරණි මෙම කලා කෘතිය ලබන වසරේ සැප්තැම්බර් මාසයේදී බ්‍රිතාන්‍ය කෞතුකාගාරයේ (British Museum) ප්‍රදර්ශනයට තැබීමට නියමිතයි.
ප්‍රංශ කලා ලෝකයේ විශේෂඥයන් මෙම ව්‍යාපෘතියට දැඩි ලෙස විරුද්ධ වන්නේ, මීටර 70ක් දිග මෙම කලා කෘතිය ඉතා සියුම් තත්ත්වයක පවතින බැවින් එය ප්‍රවාහනය කිරීමට නොහැකි බවට බියක් පළ කරමිනුයි. දිගු මාර්ග ගමනකදී සිදුවන කම්පන නිසා ආපසු හැරවිය නොහැකි හානි සිදු විය හැකි බව ඔවුන් පවසා ඇත.
ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් (Emmanuel Macron) සහ බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ශ්‍රීමත් කීර් ස්ටාර්මර් (Sir Keir Starmer) ජූලි මාසයේදී ලන්ඩනයේදී හමුවූ අවස්ථාවේදී මෙම ණය ගනුදෙනුව නිවේදනය කර ඇත. කෙසේ වෙතත්, මෙම තීරණයට එරෙහිව ප්‍රංශ කලා ලෝකයේ බොහෝ දෙනා විරෝධය පළ කරති.
උපුටා ගැනීම: සියළු තොරතුරු BBC ඇසුරෙනි.