රික්ටර් මාපක 6.1ක ප්‍රබල භූමිකම්පාවක් ඉරිදා (අගෝස්තු 10) සන්ධ්‍යාවේ බටහිර තුර්කියේ (Turkiye) බාලිකෙසීර් (Balikesir) පළාතට බලපා ඇති අතර, එයින් පුද්ගලයෙකු මිය ගොස්, ගොඩනැගිලි දහයකට වඩා කඩා වැටී ඇති බව එරට අභ්‍යන්තර කටයුතු අමාත්‍ය අලී යෙර්ලිකයා (Ali Yerlikaya) පැවසීය.
කඩා වැටුණු නිවසක සුන්බුන් අතරින් පුද්ගලයන් හතර දෙනෙකු මුදාගෙන ඇති අතර, ඉන් තිදෙනෙකු රෝහල් ගත කර ප්‍රතිකාර ලබන බවත්, එක් අයෙකු තුවාල ලබා මිය ගිය බවත් අමාත්‍යවරයා පැවසීය. මියගිය එකම පුද්ගලයා සුන්බුන් අතරින් බේරාගත් 81 හැවිරිදි අයෙකු බව යෙර්ලිකයා පැවසීය.
ඉරිදා (අගෝස්තු 10) රාත්‍රී 7:53ට පමණ ඇති වූ මෙම භූමිකම්පාවෙන් 30 දෙනෙකු පමණ තුවාල ලබා ඇති බව තුර්කියේ AFAD ආපදා කළමනාකරණ අධිකාරිය පැවසීය. ඉස්තාන්බුල් (Istanbul) ඇතුළු පළාත් කිහිපයකටම භූ කම්පන දැනී ඇත. පළමු පැය තුළ පසු කම්පන (aftershocks) හයක් වාර්තා වූ බවත්, ඉන් එකක් රික්ටර් මාපක 4.6ක් වූ බවත් ආපදා අධිකාරිය වාර්තා කළ අතර, හානි වූ ගොඩනැගිලිවලට ඇතුළු නොවන ලෙස පුරවැසියන්ගෙන් ඉල්ලා සිටියේය.
AFAD ආයතනය පැවසුවේ, සින්දිර්ගි (Sindirgi) නගරය කේන්ද්‍ර කර ගනිමින් ඇති වූ මෙම භූමිකම්පාව කිලෝමීටර 11ක (සැතපුම් 6.8) ගැඹුරකින් යුක්ත බවත්, ජර්මානු භූ විද්‍යා පර්යේෂණ මධ්‍යස්ථානය (German Research Centre for Geosciences – GFZ) භූමිකම්පාවේ ප්‍රබලත්වය 6.19ක් ලෙසත්, ගැඹුර කිලෝමීටර 10ක් (සැතපුම් 6.2) ලෙසත් වාර්තා කර ඇත.
උපුටා ගැනීම: සියළු තොරතුරු Aljazeera ඇසුරෙනි.