රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින්, යුක්රේනයේ යුද්ධය ඇවිලවීමට බටහිර රටවල් වගකිව යුතු බව පවසා ඇත. වසර ගණනාවක් තිස්සේ පැවති බටහිර ප්‍රකෝප කිරීම් නිසා මොස්කව් විසින් යුද්ධයට අවතීර්ණ වූ බව ඔහු කියා සිටී.
චීනයේ ටියැන්ජින් නගරයේ පැවති ෂැංහයි සහයෝගිතා සංවිධානයේ (SCO) සමුළුවක් අමතමින් පුටින් මහතා චෝදනා කර ඇත්තේ නේටෝ සංවිධානය කලාපයේ ස්ථාවරත්වයට බාධා කරන බවයි. රුසියාව යුද්ධය ආරම්භ කළ බවට වන ප්‍රකාශයන් ඔහු ප්‍රතික්ෂේප කර ඇත. “මෙම අර්බුදය රුසියාව යුක්රේනයට පහර දීමෙන් ආරම්භ වූවක් නොව, බටහිර රටවල් විසින් සහාය දී සහ ප්‍රකෝප කරන ලද යුක්රේනයේ සිදු වූ කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක්” බව පුටින් ප්‍රාදේශීය නායකයින් හමුවේ පවසා ඇත.
රුසියානු ජනාධිපතිවරයා ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සමඟ අගෝස්තු මාසයේ පැවැත්වූ සාකච්ඡා පිළිබඳවද අවධානය යොමු කළ අතර, එම සාකච්ඡා සාමයට මාවතක් විවර කළ බව විස්තර කර ඇත. බෙයිජිං සහ නවදිල්ලියේ රාජ්‍යතාන්ත්‍රික ප්‍රයත්න අගය කළ ඔහු, ඔවුන්ගේ යෝජනා යුක්රේන අර්බුදයට විසඳුම් සෙවීමට පහසුකම් සලසන බව පවසා ඇත.
උපුටා ගැනීම: සියළු තොරතුරු ALJAZEERA ඇසුරෙනි.