පාකිස්තානයේ නැගෙනහිර පන්ජාබ් පළාත (Punjab province) එහි ඉතිහාසයේ දරුණුතම ගංවතුර තත්ත්වයට මුහුණ දී ඇති අතර, ඒ හේතුවෙන් මිලියන දෙකකට ආසන්න ජනතාවකට බලපෑම් එල්ල වී තිබේ. සට්ලෙජ් (Sutlej), චෙනාබ් (Chenab) සහ රාවි (Ravi) ගංගාවල ජල මට්ටම වාර්තාගත ලෙස ඉහළ ගොස් ඇති බව එරට බලධාරීහු පවසති. දේශගුණික විපර්යාස හේතුවෙන් තීව්‍ර වූ දැඩි මෝසම් වැසි සහ අධික ලෙස පිරී ගිය ඉන්දීය වේලිවලින් ජලය මුදා හැරීමෙන් සිදුවූ දේශසීමා හරහා ගලා ආ ජලය, ව්‍යසනය තවත් උග්‍ර කර තිබේ.
බලධාරීන් විසින් පාසල් සහ රජයේ පහසුකම්වල බේරා ගැනීමේ කඳවුරු (rescue camps) පිහිටුවා ඇති අතර, ජලයෙන් යටවූ ගොවිබිම් සහ ගම්මානවලින් පදිංචිකරුවන් ඉවත් කිරීමට බෝට්ටු භාවිත කරනු ලැබේ. සමහර ප්‍රදේශවල ගැබිනි කාන්තාවන් සහ පවුල් අධික තදබදයක් සහිත සහන කඳවුරුවලට රොක් වී සිටිති.
අවශ්‍ය වුවහොත් ගංවතුර ජලය හරවා යැවීම සඳහා මුල්ටාන් (Multan) හි වේලිවල පුපුරණ ද්‍රව්‍ය සවි කර ඇත. පහත් බිම් ප්‍රදේශ නිරීක්ෂණය කිරීම සඳහා ඩ්‍රෝන යානා භාවිත කරන අතර, නිලධාරීන් ජනතාවට ආරක්ෂිත ස්ථාන කරා යන ලෙස ඉල්ලා සිටී.
පාකිස්තානයේ ප්‍රධාන තිරිඟු නිෂ්පාදන කලාපය වන මිලියන 150ක ජනතාවකට නිවහන වන පන්ජාබ් පළාතට බරපතල කෘෂිකාර්මික පාඩු සිදුවීමේ අවදානමක් ඇත. මෙම ව්‍යසනය 2022 දී සිදුවූ විනාශකාරී ගංවතුර සිහිපත් කරන අතර, ඉන්දියාව කලින් අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබුණද, හිතාමතා ජලය මුදා හැරීම සම්බන්ධයෙන් පාකිස්තානය ඉන්දියාවට චෝදනා කර තිබේ.
උපුටා ගැනීම: සියළු තොරතුරු ALJAZEERA ඇසුරෙනි.