ප්‍රංශ ජනාධිපති මැක්‍රෝන් එක්සත් රාජධානියේ රාජ්‍ය සංචාරයේදී ගාසා, යුක්‍රේනයට සහය ඉල්ලයි.

ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රෝන් (Emmanuel Macron) යුක්‍රේනය ආරක්ෂා කිරීමට සහ පලස්තීන රාජ්‍යය පිළිගැනීමට බ්‍රිතාන්‍යයේ සහය ඉල්ලා සිටියේ, බ්‍රෙක්සිට් (Brexit) පසුව යුරෝපීය නායකයෙකු විසින් සිදු කරන ලද පළමු රාජ්‍ය සංචාරය සඳහා එක්සත් රාජධානියට පැමිණීමත් සමඟයි.

මැක්‍රෝන් අඟහරුවාදා (ජූලි 08) බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ මන්ත්‍රී මණ්ඩල දෙකම අමතමින්, ප්‍රංශය සහ එක්සත් රාජධානිය අතර සමීප සබඳතා නැවත ඇතිවීම සැමරූ අතර, එක්සත් ජනපදය සහ චීනය මත ඇති “අධික යැපීම්” අවසන් කිරීමට රටවල් දෙකම එක්ව කටයුතු කළ යුතු බව පවසා ඇත.

ප්‍රංශ ජනාධිපතිවරයාගේ දින තුනේ සංචාරය තෙවන චාල්ස් රජුගේ (King Charles III) ආරාධනයෙන් සිදු විය. මැක්‍රෝන්ව මීට පෙර සිංහාසනයේ උරුමක්කාරයා වන විලියම් කුමරු (Prince William) සහ ඔහුගේ බිරිඳ කැතරින් කුමරිය (Princess Catherine) ඇතුළු රාජකීය පවුල විසින් පිළිගනු ලැබූ අතර, පසුව ඔවුන් අශ්ව කරත්තවලින් වින්ඩ්සර් කාසල් (Windsor Castle) වෙත ගමන් කර ඇත.

ඉන්පසු මැක්‍රෝන් පාර්ලිමේන්තුවට පැමිණි අතර, එහිදී ඔහු පැවසුවේ, ආරක්ෂාව, සංක්‍රමණය, දේශගුණය සහ වෙළෙඳාම ඇතුළු යුරෝපය ශක්තිමත් කිරීම සඳහා රටවල් දෙකම එකට එකතු විය යුතු බව ප්‍රකාශ කර ඇති අතර මෙම ද්විත්ව රාජ්‍ය විසඳුම සහ පලස්තීන රාජ්‍යය පිළිගැනීම මුළු කලාපයේම සියලු දෙනාටම සාමය සහ ස්ථාවරත්වය ගොඩනැගීමට ඇති එකම මාර්ගය බව වැඩිදුරටත් පවසා ඇත.

උපුටා ගැනීම: සියළු තොරතුරු ALJAZEERA ඇසුරෙනි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top