පකිස්තානයේ පෝලියෝ රෝගීන් ඉහළට!

2025 වසර මේ වනවිට, පකිස්තානයේ නව පෝලියෝ රෝගීන් සංඛ්‍යාව 12 දක්වා ඉහළ ගොස් ඇති අතර, එය සමස්ත ලෝකයටම අනතුරු ඇඟවීමක් වී තිබෙනවා. 2023 වසරේදී පොලියෝ වෛරසය ආසාදනය වූ රෝගීන් සිටියේ හය දෙනෙක් පමණයි. කෙසේ වෙතත්, පකිස්තාන රජයේ දුර්වල කළමනාකරණය සහ ඉස්ලාමීය අන්තවාදීන්ගේ එන්නත් විරෝධය පෝලියෝ වෛරසය මුලිනුපුටා දැමීමට බාධාවක් වී ඇත.

2020 වන විට අප්‍රිකානු මහද්වීපය පෝලියෝවෙන් තොර වූ බැවින්, අංශභාග රෝගයට හේතුවන මෙම වෛරසයේ අවසාන ප්‍රභවයන් ලෙස පකිස්තානය සහ ඇෆ්ගනිස්තානය පමණක් ඉතිරි වී තිබීම මෙය කනස්සල්ලට කරුණකි. මේ වසර මුලදී සෞදි අරාබිය, පකිස්තානයේ පෝලියෝ වෛරස් රෝගීන් වැඩිවීම හමුවේ පකිස්තාන සංචාරකයින් සඳහා පෝලියෝ සහතිකයක් අනිවාර්ය කල අතර, ඊජිප්තුව ඇතුළු රටවල් කිහිපයක් දැනටමත් පකිස්තාන සංචාරකයින් සඳහා එවැනි සහතික අනිවාර්ය කර ඇත.

පකිස්තානයේ කීර්තිමත් වෛද්‍ය වෘත්තිකයන් විසින් සිදු කරන ලද සෞඛ්‍ය පර්යේෂණවලින් තහවුරු වී ඇත්තේ, පෝලියෝ නැවත හිස එසවීම සමාජ-ආගමික වැරදි වැටහීම් හේතුවෙන් සම්පූර්ණ මුලිනුපුටා දැමීම සඳහා සැලකිය යුතු අභියෝග එල්ල කරන බවයි. “පකිස්තානයේ බොහෝ ප්‍රදේශවල, දේශීය විශ්වාසයන් සහ වැරදි තොරතුරු එන්නත් පිළිබඳ මහජන ආකල්ප හැඩගැස්වීමේදී තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරනවා. සෞඛ්‍ය සේවා පද්ධතිය පිළිබඳ අවිශ්වාසය, සමාජ මාධ්‍ය හරහා පැතිරෙන කටකතා මගින් තවදුරටත් උග්‍ර වෙනවා,” යනුවෙන් කරච්චි හි ජින්නා සින්ද් වෛද්‍ය විශ්ව විද්‍යාලයේ (Jinnah Sindh Medical University) එරම් සිද්ධිකි (Erum Siddiqui) ප්‍රමුඛ පර්යේෂණයේ සඳහන් වේ.

උපුටා ගැනීම: සියළු තොරතුරු Newswire ඇසුරෙනි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top