නෝර්වේ කිරුළ හිමි කුමරියගේ (Norway’s crown princess) වැඩිමහල් පුත්‍රයාට, දූෂණ චෝදනා හතරක් ඇතුළුව අපරාධ 32ක් සම්බන්ධයෙන් චෝදනා එල්ල කර ඇති පවසා ඇත. 28 හැවිරිදි මාරියස් බෝර්ග් හොයිබි (Marius Borg Høiby) ට එල්ල වී ඇති චෝදනා අතර, ඔහුගේ හිටපු සහකාරියකට හිංසා කිරීම සහ තවත් හිටපු සහකාරියකට එරෙහිව පනවා තිබූ තහනම් නියෝග කඩ කිරීම් ද ඇතුළත් වේ.
ඔහු උපත ලබා ඇත්තේ කිරුළ හිමි කුමරිය වන මෙට්-මාරිට් (Mette-Marit), නෝර්වේහි අනාගත රජු වන කිරුළ හිමි කුමරු හාකොන් (Crown Prince Haakon) සමඟ විවාහ වීමට පෙර පැවති සබඳතාවකිනි. ඔහුට එල්ල වී ඇති බරපතලම චෝදනා ඔහු ප්‍රතික්ෂේප කරන නමුත්, නඩු විභාගය ආරම්භ වූ විට අඩු චෝදනා කිහිපයකට වරද පිළිගැනීමට ඔහු සැලසුම් කරන බව ඔහුගේ නීතිඥ පෙටාර් සෙකුලික් (Petar Sekulic) පවසා ඇත.
බරපතලම චෝදනාවලට ඔහු වරදකරු වුවහොත් වසර 10ක් දක්වා සිර දඬුවමක් නියම විය හැකිය. මාරියස් බෝර්ග් හොයිබිට එරෙහි චෝදනා පිළිබඳව කතා කරමින් නෝර්වේහි කිරුළ හිමි කුමරු හාකොන් පවසා ඇත්තේ, මෙම සිද්ධිය සම්බන්ධයෙන් සිදුවිය යුත්තේ කුමක්ද යන්න අධිකරණයට භාර බව ය.
උපුටා ගැනීම: සියළු තොරතුරු BBC ඇසුරෙනි.