නේපාල අගමැති කඩ්ගා ප්‍රසාද් ෂර්මා ඔලී (Khadga Prasad Sharma Oli) ඉල්ලා අස්වෙයි

රජයේ දූෂණ චෝදනා සම්බන්ධයෙන් පැවති විරෝධතාවලදී පුද්ගලයන් 19 දෙනෙකු මිය යාමෙන් පසු, නේපාල අගමැති කඩ්ගා ප්‍රසාද් ෂර්මා ඔලී සිය ධූරයෙන් ඉල්ලා අස්වී ඇත.

ඇඳිරි නීතිය නොතකා, විරෝධතාකරුවන් අඟහරුවාදා පාර්ලිමේන්තු ගොඩනැගිල්ලට කඩා වැදී එයට ගිනි තබා ඇති බව වාර්තා වේ. ඊට පෙර, ඔවුන් රටේ විශාලතම පක්ෂය වන නේපාල කොන්ග්‍රසයේ කාර්යාලයට සහ ප්‍රමුඛ දේශපාලඥයින් කිහිප දෙනෙකුගේ නිවෙස්වලට ද කඩා වැදුණි.

සඳුදා රාත්‍රියේ රජය විසින් සමාජ මාධ්‍ය තහනම ඉවත් කරන ලද අතර, එය අගනුවර වන කත්මණ්ඩු සහ අනෙකුත් නගරවල Gen Z විරෝධතා ලෙස සංවිධායකයින් හදුන්වා ඇත. විරෝධතා හේතුවෙන් කත්මණ්ඩු ජාත්‍යන්තර ගුවන්තොටුපළ වහාම ක්‍රියාත්මක වන පරිදි වසා දමා ඇති බව නේපාලයේ සිවිල් ගුවන් සේවා අධිකාරිය පවසයි.

උපුටා ගැනීම: සියළු තොරතුරු ALJAZEERA ඇසුරෙනි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top