නේටෝ සමුළුවේදී (NATO summit) අදහස් දක්වමින් ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කියා සිටියේ, රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් යුක්‍රේන යුද්ධය ඉක්මනින් අවසන් කිරීමට උත්සාහ කරන බව තමන් සිතන බවයි. එහෙත්, නේටෝ මහලේකම් මාක් රූටේ (Mark Rutte) අනතුරු ඇඟවූයේ, නේටෝව සිය ආරක්ෂක ශක්තිය වැඩි නොකළහොත් පුටින් වෙනත් රටවලට ද ප්‍රහාර එල්ල කිරීමට සැලසුම් කළ හැකි බවයි.
ඇමෙරිකාව කළ ඉල්ලීම පරිදි, බොහෝ නේටෝ රටවල් සිය දළ දේශීය නිෂ්පාදිතයෙන් (GDP) 5%ක් දක්වා ආරක්ෂක වියදම් සඳහා යොදවන බවට එකඟ විය. වරක් නේටෝ සන්ධානය විවේචනය කළ ට්‍රම්ප්, දැන් මෙම සන්ධානයට සහාය දක්වන බව පැවසීය. කෙසේ වෙතත්, මෙම සමුළුවෙන් පෙනී ගියේ, ඇමෙරිකාව සහ යුරෝපය රුසියාවේ අරමුණු දකින්නේ බෙහෙවින් වෙනස් ආකාරයකට බවයි.
යුද්ධය රුසියාවට අවාසිදායක ලෙස බලපාන නිසා පුටින් සාමය අපේක්ෂා කරන බව ට්‍රම්ප් විශ්වාස කරන නමුත් පුටින් සටන් විරාමයකට හෝ සැබෑ සාකච්ඡාවලට උනන්දුවක් නොදක්වන බව නේටෝ නිලධාරීහු පවසති. ඔවුන් සිතන්නේ ඔහු යුක්‍රේනයේ කොටස් අත්පත් කර ගැනීමට පමණක් නොව, අසල්වැසි වෙනත් රටවල්වලට ද සිය දේශපාලන බලය පතුරුවා හැරීමට උත්සාහ කරන බවයි.
උපුටා ගැනීම: සියළු තොරතුරු Reuters ඇසුරෙනි.