Nespresso කෝපි සහ Perrier වතුර වැනි සන්නාමයන් හිමිකාරීත්වය දරන ස්විස් ආහාර දැවැන්තයා වන නෙස්ලේ (Nestle), ඉදිරි වසර දෙක තුළ ලොව පුරා රැකියා 16,000ක් ඉවත් කිරීමට සැලසුම් කරන බව එහි නව ප්‍රධාන විධායක නිලධාරීවරයා ප්‍රකාශ කර ඇත.
සැප්තැම්බර් මස මුලදී සමාගමේ නායකත්වය භාර ගත් ෆිලිප් නව්රාටිල් (Philipp Navratil) නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ, “ලෝකය වෙනස් වෙමින් පවතින අතර, නෙස්ලේ ඊට වඩා වේගයෙන් වෙනස් විය යුතුයි” යනුවෙනි. එයට සේවක සංඛ්‍යාව අඩු කිරීමට දැඩි නමුත් අවශ්‍ය තීරණ ගැනීම ඇතුළත් වන බවද ඔහු සඳහන් කර ඇත.
මෙම නිවේදනය නිකුත් කරනු ලැබුවේ සමාගම විසින් මාස නවයක දත්ත ප්‍රකාශයට පත් කරන විටය. එම දත්තවලට අනුව විකුණුම් 1.9% කින් පහත වැටී ස්විස් ෆ්‍රෑන්ක් බිලියන 65.9 ක් (US$ බිලියන 83ක්) දක්වා පැමිණ ඇත. නව්රාටිල් ප්‍රකාශ කර ඇත්තේ සමාගම සිය ඉතිරි කිරීමේ ඉලක්කය කලින් නියම කළ බිලියන 2.5 සිට 2027 වසර අවසන් වන විට ස්විස් ෆ්‍රෑන්ක් බිලියන 3ක් දක්වා ඉහළ නංවන බවයි.
2022 සිට වර්ධනය අඩාල වී ඇති මෙම සමූහ ව්‍යාපාරයට නව්රාටිල් යටතේ ස්ථාවරත්වය යළි ස්ථාපිත කිරීමට හැකි වනු ඇතැයි මූල්‍ය විශ්ලේෂකයෝ අපේක්ෂා කරති. ඊට අමතරව, නෙස්ලේ සමාගමට එරෙහිව 2024 වසරේ ප්‍රංශයේ ආරම්භ වූ එහි බෝතල් කළ ජලය වටා ඇති අපකීර්තිය ද විශාල ලෙස බලපා ඇත.
උපුටා ගැනීම: සියළු තොරතුරු CNA ඇසුරෙනි.