මාස 21ක් පුරා පැවති යුද්ධයෙන් පසු, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු (Benjamin Netanyahu) ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් (Donald Trump) හමුවීමත් සමඟ නව ගාසා සටන් විරාමයක් පිළිබඳ බලාපොරොත්තු වැඩි වෙමින් පවතී.
දින 60ක සටන් විරාමයක් සහ ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීමේ ගනුදෙනුවක් සඳහා ඇමරිකානු අනුග්‍රහය ලබන යෝජනාවක් පිළිබඳව ඊශ්‍රායලය සහ හමාස් (Hamas) අතර වක්‍ර සාකච්ඡා ඉරිදා (ජූලි 06) සවස කටාර් (Qatar) හිදී නැවත ආරම්භ විය.
ට්‍රම්ප් මීට පෙර වාර්තාකරුවන්ට පවසා තිබුණේ, ගැටුම අවසන් කිරීම සම්බන්ධයෙන් තමන් නෙතන්යාහු සමඟ “ඉතා ස්ථිර” ලෙස කටයුතු කළ බවත්, මෙම සතියේදී “ගිවිසුමක් ඇති කර ගත හැකි වනු ඇතැයි” තමා සිතන බවත්ය.
සෙනසුරාදා සවස, ඊශ්‍රායල රජයට ගාසා තීරයෙන් ප්‍රාණ ඇපකරුවන් 50 දෙනෙකු පමණ නැවත ලබා ගැනීම සඳහා ගිවිසුමක් අත්සන් කරන ලෙස ඉල්ලා දැවැන්ත රැලියක් පැවැත්වුණා. මෙම ප්‍රාණ ඇපකරුවන්ගෙන් 20 දෙනෙකු පමණ සිටින බවට විශ්වාස කෙරේ.
උපුටා ගැනීම: සියළු තොරතුරු BBC ඇසුරෙනි.