අපරාධ සිදු කිරීම් හේතුවෙන්, මෙම වසර තුළ සිසුන් 6,000කට අධික සංඛ්‍යාවකගේ වීසා බලපත්‍ර අවලංගු කළ බව, එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ (US State Department) නිලධාරියෙකු පවසා ඇත.
මෙම සිසුන්ගෙන් 4,000කට ආසන්න සංඛ්‍යාවකගේ වීසා අවලංගු කර ඇත්තේ ඔවුන් නීතිය කඩ කර ඇති නිසා වන අතර, මෙම නීති කඩ කිරීම් අතරින් වැඩි ප්‍රමාණයක්, පහරදීම් (assault), බීමතින් රිය පැදවීම (DUI), සොරකම් (burglary) සහ ත්‍රස්තවාදයට සහාය දීම (support for terrorism) වැනි සිද්ධීන් බව වාර්තා වේ.
මෙම වීසා බලපත්‍ර 6,000න් 200ත් 300ත් අතර ප්‍රමාණයක් ත්‍රස්තවාදයට සම්බන්ධ ක්‍රියාකාරකම් හේතුවෙන් අවලංගු කර ඇත. ගාසා තීරයේ යුද්ධයට එරෙහිව විරෝධතාවලට ක්‍රියාකාරීව සම්බන්ධ වූ ජාත්‍යන්තර සිසුන් (international students) විශේෂයෙන් ඉලක්ක කර ඇති බවත්, එම සිසුන්ට යුදෙව්-විරෝධීත්වය (antisemitism) සහ ත්‍රස්තවාදයට සහයෝගය දැක්වීම සම්බන්ධයෙන් චෝදනා එල්ල කර ඇති බවත් රාජ්‍ය නිලධාරීන් පවසා ඇත.
ට්‍රම්ප් (Trump) පාලනය විසින් විශ්වවිද්‍යාල සහ සිසුන්ගේ වීසා සම්බන්ධයෙන් දැඩි ක්‍රියාමාර්ග ගනිමින් සිටින බව වාර්තා වේ.
උපුටා ගැනීම: සියළු තොරතුරු CNN ඇසුරෙනි.