ඕලන්ද යටත් විජිත පාලනයෙන් (Dutch colonial rule) නිදහස ලබා වසර 80ක් සපිරෙන ඉන්දුනීසියාවේ (Indonesia) ජාතික නිදහස් දින සැමරුම් අතරතුර, අසාමාන්‍ය විරෝධතා ව්‍යාපාරයක් ලෙස ඇනිමෙ (anime) කොඩියක් ඔසවා තිබෙන බව වාර්තා වේ.
මෙම කොඩිය, පිදුරු තොප්පියක් පැළඳ සිටින හිස් කබලක් සහ හරස් අස්ථි (skull and crossbones) වලින් සමන්විත වන අතර, ඉන්දුනීසියාව පුරා නිවාස, මෝටර් රථ, ට්‍රක් රථ, යතුරුපැදි සහ බෝට්ටු මත එය දැක ගත හැකිය. ජනප්‍රිය ජපන් ඇනිමෙ මාලාවක් වන ‘වන් පීස්’ (One Piece) මගින් ජනප්‍රිය වූ මෙම කොඩිය, ඉන්දුනීසියානු ධජය වන මෙරා-පුතිහ් (merah-putih) යටින් පවා ඔසවා ඇත.
2023 දී නෙට්ෆ්ලික්ස් (Netflix) විසින් අනුවර්තනය කරන ලද මෙම ඇනිමෙ මාලාවේදී, මෙම හිස් කබල් ධජය ‘වන් පීස්’ හි ප්‍රධාන චරිතය වන මන්කි ඩී ලුෆී (Monkey D Luffy) නම් වික්‍රමාන්විතයෙකු විසින් භාවිතා කරන අතර, එය අධිකාරීවාදයට එරෙහිව බලාපොරොත්තුව, නිදහස සහ ප්‍රතිරෝධයේ සලකුණක් ලෙස සැලකේ.
රජය කෙරෙහි ජනතාවගේ වර්ධනය වන කලකිරීම මධ්‍යයේ ඉන්දුනීසියාව තුළ මෙම කොඩිය විරෝධතාවක සලකුණක් ලෙස ඔසවා තිබෙනවා.
ආසන්න වශයෙන් මිලියන 286ක ජනගහනයක් සිටින මෙම රටෙහි වේගවත් ආර්ථික වර්ධනයක් (economic growth) සහ සමාජ වෙනසක් පොරොන්දු වෙමින් ප්‍රබෝවෝ සුබියැන්ටෝ (Prabowo Subianto) ඔක්තෝබර් මාසයේදී ඉන්දුනීසියාවේ නව ජනාධිපති ලෙස දිවුරුම් දුන්නේය.
උපුටා ගැනීම: සියළු තොරතුරු ALJAZEERA ඇසුරෙනි.