ඉන්දියාවේ දකුණු තෙලන්ගානා (Telangana) ප්‍රාන්තයේ ඖෂධ කම්හලක සිදු වූ බලවත් පිපිරීමක් සහ ඉන් ඇති වූ ගින්නකින් පසුව, අවම වශයෙන් පුද්ගලයන් 36 දෙනෙකු මියගොස් ඇති බව තහවුරු වී ඇත. තෙලන්ගානා සෞඛ්‍ය හා වෛද්‍ය කැබිනට් අමාත්‍ය දමෝදර් රාජා නරසිංහ (Damodar Raja Narasimha) ප්‍රකාශ කළේ, මෘත දේහවල තත්ත්වය හේතුවෙන් හඳුනාගැනීම සඳහා විශේෂඥ වෛද්‍ය කණ්ඩායමකට DNA පරීක්ෂණ සිදු කිරීමට සිදුවී ඇති බවයි. මෙම විපතට හේතුව සොයා බැලීම සඳහා රජයේ කමිටුවක් පත් කර ඇත.
මීට අමතරව, පිලිස්සුම් තුවාල හා වෙනත් තුවාල සහිතව කම්කරුවන් 36 දෙනෙකු පමණ රෝහල්ගතව ප්‍රතිකාර ලබන බව වාර්තා වේ. සිද්ධිය වන අවස්ථාවේ කම්හල තුළ 140කට අධික පිරිසක් සේවය කරමින් සිටි බව පොලිස් නිලධාරීන් පැවසූ අතර, ප්‍රදේශවාසීන් කිලෝමීටර් ගණනාවක් ඈතට පිපිරුම් හඬ ඇසුණු බව වාර්තා කර ඇත.
මෙම පිපිරීම සඳුදා පස්වරුවේ සිගාචි ඉන්ඩස්ට්‍රීස් (Sigachi Industries) සමාගමට අයත් කම්හලක සිදුවී ඇති අතර, එය සිදුව ඇත්තේ අමුද්‍රව්‍ය ඖෂධ නිෂ්පාදනය සඳහා කුඩු බවට පත් කරන ‘ස්ප්‍රේ ඩ්‍රයර්’ (spray dryer) ඒකකයේදීයි. මෙම කර්මාන්ත ශාලාව ප්‍රාන්ත අගනුවර වන හයිද්‍රාබාද් (Hyderabad) සිට කිලෝමීටර් 50ක් (සැතපුම් 31ක්) පමණ දුරින් පිහිටා ඇත.
උපුටා ගැනීම: සියළු තොරතුරු ALJAZEERA ඇසුරෙනි.