බ්‍රිතාන්‍යයේ ජාතික සෞඛ්‍ය සේවාව (NHS) සඳහා බෙහෙවින් අපේක්ෂා කළ ඩොනනෙමැබ් (donanemab) සහ ලෙකනෙමැබ් (lecanemab) යන ඇල්සයිමර් ඖෂධ දෙක, ඒවායේ අධික මිල සහ අඩු ප්‍රතිලාභ හේතුවෙන් භාවිතයට නුසුදුසු බවට තීරණය කර ඇත. ජාතික සෞඛ්‍ය සහ සත්කාර විශිෂ්ටතා ආයතනය (NICE) නිගමනය කළේ, මෙම ඖෂධ සඳහා අරමුදල් සැපයීම බදු ගෙවන්නන්ගේ මුදල් අකාර්යක්ෂම ලෙස භාවිත කිරීමක් වන අතර, එය අනෙකුත් අත්‍යවශ්‍ය සෞඛ්‍ය සේවා කප්පාදු කිරීමට හේතු විය හැකි බවයි.
මෙම ඖෂධ, ඇල්සයිමර් රෝගයේ ප්‍රගතිය මන්දගාමී කරන පළමු ඖෂධ ලෙස සැලකේ. එමගින් රෝගීන්ට ස්වාධීනව ජීවත් වීමට වැඩි කාලයක් ලබා දිය හැකි බවට බලාපොරොත්තු විය. මෙම ඖෂධ ක්‍රියා කරන්නේ, රෝගී පුද්ගලයන්ගේ මොළයේ එකතු වන ඇලෙන සුළු ප්‍රෝටීනයක් ඉවත් කිරීමට ශරීරයට උපකාර කිරීමෙනි.
ඩොනනෙමැබ් සහ ලෙකනෙමැබ් පිළිබඳ සායනික පරීක්ෂණ මුලින් විද්‍යාත්මක ජයග්‍රහණයක් ලෙස සැමරුවේ, රෝගයේ ගමන් මග වෙනස් කළ හැකි බවට ඒවායින් පෙන්වා දුන් බැවිනි. මෙම ඖෂධ රෝගය ආපසු හැරවීම හෝ සම්පූර්ණයෙන්ම නැවැත්වීම සිදු නොකරන නමුත්, මොළයේ ශක්තිය අහිමි වන වේගය අඩු කරයි.
උපුටා ගැනීම: සියළු තොරතුරු BBC ඇසුරෙනි.