නවසීලන්තයේ බස් රථයක සූට්කේසයක් තුළ සිටි දෙහැවිරිදි දැරියක් බේරා ගනියි

නවසීලන්තයේ (New Zealand) බස් රථයක ගමන් මලු මැදිරියක තිබූ සූට්කේසයක් (suitcase) තුළ සිරවී සිටි දෙහැවිරිදි දැරියක් ජීවතුන් අතර සිටියදී සොයා ගෙන ඇත. සති අන්තයේ මගියෙකු ගමන් මලු මැදිරියට ඇතුළු වීමට අවසර ඉල්ලා සිටීමෙන් පසු, බස් රථය ඕක්ලන්ඩ් (Auckland) සිට සැතපුම් 60ක් උතුරින් පිහිටි කායිවාකා (Kaiwaka) හිදී නැවැත්වීමට සැලසුම් කර තිබුණි.

එහිදී බස් රථයේ රියදුරු මෙම බෑගය තුළ චලනයක් දැක තිබෙන අතර, රියදුරු සූට්කේසය විවෘත කළ විට ඒ තුල සිටි දැරිය ඔහුට හමු වී ඇත.  දැරිය ඉතා උණුසුම්ව සිටි බවත්, ශාරීරිකව හානියක් වී නොතිබුණු බවත්  ප්‍රධාන රහස් පරීක්ෂක සයිමන් හැරිසන් (Simon Harrison) පවසා ඇත. දැරිය සූට්කේසය තුළ කොපමණ වේලාවක් සිටියාද යන්න පැහැදිලි නොමැති අතර, ඇය වෛද්‍ය පරීක්ෂණයක් සඳහා රෝහලට රැගෙන ගොස් ඇත.

දැරියට අකටයුතුකම් කිරීම හෝ නොසලකා හැරීම සම්බන්ධයෙන් නම් හෙළි නොකළ 27 හැවිරිදි කාන්තාවක් අත්අඩංගුවට ගෙන චෝදනා ගොනු කර ඇති බවත්, අත්අඩංගුවට ගත් කාන්තාව සඳුදා (අගෝස්තු 4) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවත්, ළමා සේවා ආයතන ද මේ පිළිබඳව දැනුවත් කර තිබෙන බවත් ප්‍රධාන රහස් පරීක්ෂක සයිමන් හැරිසන් (Simon Harrison) වැඩිදුරටත් පවසා ඇත.

වෙබ් අඩවියේ InterCity සඳහන් කර ඇත්තේ, අවුරුදු දෙකක් දක්වා වූ ළමුන්ට වැඩිහිටියෙකුගේ උකුලේ නොමිලේ ගමන් කළ හැකි බවයි. අවුරුදු තුන සහ ඊට වැඩි ළමුන්ට ළමා ප්‍රවේශපත්‍රයක් අවශ්‍ය වන අතර, ඔවුන් භාරකරුවෙකු සමඟ ගමන් කළ යුතුය.

උපුටා ගැනීම: සියළු තොරතුරු Newswire ඇසුරෙනි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top