දේශගුණික විපර්යාස හේතුවෙන් පෘථිවියේ ජල චක්‍රය වඩ වඩාත් අස්ථාවර වෙමින් පවතින බවත්, එමගින් ලොව පුරා ගංවතුර සහ නියඟ අතර අන්ත උච්චාවචනයන් ඇති වී ඇති බවත් එක්සත් ජාතීන්ගේ සංවිධානය (UN) අනතුරු අඟවයි.
එක්සත් ජාතීන්ගේ ලෝක කාලගුණ විද්‍යා සංවිධානය (WMO) විසින් නිකුත් කරන ලද වාර්ෂික වාර්තාවකට අනුව, ග්ලැසියර හැකිලීම, නියඟ, අසමතුලිත ගංගා ද්‍රෝණි සහ දරුණු ගංවතුර හේතුවෙන් ගෝලීය ජල චක්‍රය වඩ වඩාත් අනපේක්ෂිත වී තිබෙනවා.
පසුගිය වසර වාර්තාගත ලෙස උණුසුම්ම වසර වූ අතර, එය දකුණු අමෙරිකාවේ උතුරු ප්‍රදේශ, ඇමසන් ද්‍රෝණිය සහ දකුණු අප්‍රිකාවේ නියඟ තත්ත්වයන්ට හේතු විය. මේ අතර, මධ්‍යම අප්‍රිකාවේ, යුරෝපයේ සහ ආසියාවේ ප්‍රදේශ සාමාන්‍යයට වඩා තෙත් කාලගුණයකට මුහුණ දුන් අතර, ඒවාට දරුණු ගංවතුර හෝ මාරාන්තික කුණාටු වලින් හානි සිදු විය.
වාර්තාවට අනුව, ගෝලීය වශයෙන්, 2024 යනු ලෝකයේ ගංගා ද්‍රෝණිවල පැහැදිලි අසමතුලිතතාවයක් පැවති පිට පිටම හයවන වසරයි. මෙයට හේතුව, ඉන් තුනෙන් දෙකකම අධික හෝ ඉතා අඩු ජලය පැවතීමයි.
උපුටා ගැනීම: සියළු තොරතුරු ALJAZEERA ඇසුරෙනි.