දෙවන ලෝක යුද්ධයේ සෙබළ සහ TikTok තරුව Papa Jake 102 හැවිරිදි වියේදී අභාවප්‍රාප්ත වෙයි

දෙවන ලෝක යුද්ධයේ ඇමරිකානු ප්‍රවීණ සෙබළෙකු මෙන්ම අන්තර්ජාලය තුළ ‘පාපා ජේක්’ (Papa Jake) ලෙස ප්‍රසිද්ධ වූ සමාජ මාධ්‍ය තරුවක් වන ජේක් ලාර්සන් (Jake Larson) 102 හැවිරිදි වියේදී අභාවප්‍රාප්ත වී තිබෙනවා.

ලාර්සන්, 1944 දී උතුරු ප්‍රංශයේ වෙරළ තීරයේ නාසි ජර්මනියේ හමුදාවන්ට පහර දුන් D-Day මෙහෙයුමේ මිත්‍ර පාක්ෂික භට පිරිස් අතර සිටි අයෙකි. ඔහු දෙවන ලෝක යුද්ධය අවසන් කිරීමට උපකාරී විය. පසුකාලීනව ඔහු සමාජ මාධ්‍ය වැළඳ ගත් අතර, TikTok හි මිලියන 1.2ක අනුගාමිකයින් පිරිසක් ලබා ගෙන ඇති අතර එහිදී ඔහු දෙවන ලෝක යුද්ධය සහ තම අහිමි වූ සගයන් සිහිපත් කරමින් කථා බෙදා ගෙන ඇත.

සති තුනකට පෙර, ඔහු බ්‍රිතාන්‍ය-ඉරාන මාධ්‍යවේදිනී ක්‍රිස්ටියාන් අමාන්පෝර් (Christiane Amanpour) සමඟ එක්ව, පසුගිය වසරේ D-Day හි 80 වැනි සංවත්සරය සනිටුහන් කරමින් සිදු කළ සම්මුඛ සාකච්ඡාව වෙනුවෙන් එම්මි සම්මානයක් (Emmy Award) දිනා ගැනීමට ද සමත් වී ඇත.

ඔහු දෙවන ලෝක යුද්ධයේ Battle of the Bulge සටනේද එක්සත් ජනපද හමුදාවේ සේවය කල අතර, ප්‍රංශයට මිත්‍ර පාක්ෂික ආක්‍රමණයට පෙර, ඔහුට වයස 19 දී, ඔහු උතුරු අයර්ලන්තයේ ලර්ගන් (Lurgan) හි සේවය කර ඇත.

උපුටා ගැනීම: සියළු තොරතුරු BBC ඇසුරෙනි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top