දූෂණ චෝදනා මත දකුණු කොරියානු හිටපු ජනපති ආර්යාව අධිකරණයට

දූෂණ චෝදනා සම්බන්ධයෙන් දකුණු කොරියාවේ (South Korea) හිටපු ජනාධිපති ආර්යාව වන කිම් කීන්-හී (Kim Keon-hee) ඇගේ පළමු නඩු විභාගය සඳහා අධිකරණය හමුවේ පෙනී සිටියාය.

අල්ලස් ගැනීම සහ කොටස් මිල හැසිරවීම (stock manipulation) සම්බන්ධයෙන් ඇයට චෝදනා එල්ල වී ඇති අතර, නඩු විභාගය සඳහා රැගෙන එන විට ඇගේ මුහුණ අර්ධ වශයෙන් ආවරණය කර තිබුණි.  සෝල් (Seoul) මධ්‍යම දිස්ත්‍රික් අධිකරණයේදී ඇය සිය අනන්‍යතාව තහවුරු කිරීමේදී දැනට රැකියා විරහිත බව පැවසූ අතර, ජූරි සභාවක් නොමැතිව නඩු විභාගයක් ඉල්ලා සිටියාය.

හිටපු ජනාධිපති ආර්යාවකට එරෙහිව මෙවැනි නඩු විභාගයක් පැවැත්වෙන ප්‍රථම අවස්ථාව මෙය වේ. කොටස් මිල හැසිරවීම, දේශපාලන අල්ලස්, අල්ලස් භාරගැනීම ඇයට එරෙහිව එල්ල වී ඇති ප්‍රධාන චෝදනා තුන වේ.

මේ අතර, ඇගේ සැමියා වන හිටපු ජනාධිපති යූන් සුක්-යොල් (Yoon Suk-yeol) ද, පසුගිය වසරේ රටේ යුද නීතිය පැනවීමට අසාර්ථක ලෙස උත්සාහ කිරීම සම්බන්ධයෙන් නඩු විභාගයකට මුහුණ දෙමින් සිටී.

උපුටා ගැනීම: සියළු තොරතුරු ALJAZEERA ඇසුරෙනි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top