අසාමාන්‍ය ලෙස දීප්තිමත් තැඹිලි පැහැයෙන් යුත් මෝරෙක් කොස්ටා රිකාවේ ටොර්ටුගුවෙරෝ ජාතික වනෝද්‍යානය (Tortuguero National Park) ආසන්නයේදී සොයාගෙන තිබෙනවා. මේ ආකාරයේ මෝරෙකු වාර්තා වූ පළමු අවස්ථාව මෙයයි.
විද්‍යාඥයින් පවසන්නේ, එහි අසාමාන්‍ය වර්ණය ‘xanthism’ (xanthochromism) නම් දුර්ලභ තත්ත්වයක් නිසා ඇති වූවක් බවයි. මෙම තත්ත්වය, සතෙකුගේ සමේ ඇති අඳුරු පැහැති වර්ණකවල (pigments) අඩුවීමක් නිසා කහ හෝ තැඹිලි වර්ණ වඩාත් ප්‍රබලව මතුවීමෙන් සිදු වේ. සාමාන්‍යයෙන් දුඹුරු හෝ අළු පැහැති Nurse Sharks විශේෂයට අයත් මෙම මෝරා අඟල් 198 (මීටර 2) පමණ දිග වන අතර, මෙම තත්ත්වය cartilaginous මාළුන් (මෝරුන්, කිරල මත්ස්‍යයන්) අතර වාර්තා වූ පළමු අවස්ථාව මෙයයි.
මීට අමතරව, මෙම මෝරාට සුදු පැහැති ඇස් ද ඇති අතර, එය ‘albinism’ නම් තවත් දුර්ලභ තත්ත්වයක ලක්ෂණයක් විය හැකි බව පර්යේෂකයෝ පවසති. මෙම තත්ත්වය සතෙකුගේ සමේ, හිසකෙස් හෝ ඇස්වල වර්ණය තීරණය කරන මෙලනින් (melanin) නම් වර්ණකය නිෂ්පාදනය අඩුවීමෙන් හෝ කිසිසේත් සිදු නොවීමෙන් ඇති වේ. මෙලනින් නොමැතිකම නිසා ඇස්වල රතු පැහැති රුධිර කේෂනාලිකා පෙනෙන අතර ඇස් සුදු පැහැයෙන් දිස් වේ.
මෝරුන් සාමාන්‍යයෙන් මුහුදු පත්ලේ වාසය කරන බැවින්, ස්වභාවිකව ඔවුන්ට ඇති අඳුරු පැහැති වර්ණය සැඟවීමට උපකාරී වේ. කෙසේ වෙතත්, මෙම මෝරා එහි දීප්තිමත් වර්ණය හා සුදු පැහැති ඇස් තිබියදීත්, වැඩිහිටි විය දක්වා ජීවත් වී ඇති බවට පර්යේෂකයෝ නිගමනය කරති. මෙය විද්‍යාඥයින් විසින් කලින් උපකල්පනය කළ පරිදි, වර්ණ විකෘතිතා සහිත සතුන්ගේ පැවැත්මට ඇති දුෂ්කරතා පිළිබඳව නව ප්‍රශ්න මතු කරයි.
මෙම සොයා ගැනීම, සාමාන්‍යයෙන් ජානමය විකෘතියක් නිසා සිදු වන බවට විශ්වාස කළද, පාරිසරික පීඩනය, උස් වූ ජල උෂ්ණත්වය හෝ ආහාර රටාව වැනි සාධක ද මෙම දුර්ලභ වර්ණ විකෘතියට බලපා ඇති බවට විද්‍යාඥයෝ විශ්වාස කරති.
උපුටා ගැනීම: සියළු තොරතුරු BBC ඇසුරෙනි.