ඉන්දීය රංගන ශිල්පිනී දීපිකා පදුකෝන් (Deepika Padukone), ඇගේ ප්‍රවර්ධන රීල් වීඩියෝවක් (promotional reel) හරහා ඉන්ස්ටග්‍රෑම් (Instagram) ඉතිහාසයේ නව වාර්තාවක් පිහිටුවා තිබෙනවා. එම වීඩියෝව බිලියන 1.9කට අධික නැරඹුම් සංඛ්‍යාවක් ලබා ගනිමින් වැඩිම නැරඹුම් ලැබූ වීඩියෝව බවට පත් වී ඇත.
ජුනි 9 වැනිදා Hilton හෝටල් ජාලය සමඟ ගෙවූ හවුල්කාරිත්වයක් ලෙස පළ කරන ලද මෙම රීල් වීඩියෝව, ඉන්ස්ටග්‍රෑම් හි පැවති සියලුම පෙර වාර්තා අභිබවා ගොස් තිබෙනවා. මෙම වීඩියෝව, දීපිකා සන්නාම තානාපතිනියක් ලෙස කටයුතු කරන, It Matters Where You Stay යන තේමාව යටතේ ක්‍රියාත්මක වන Hilton හි ගෝලීය ව්‍යාපාරයේ කොටසකි.
මෙම සුවිශේෂී සන්ධිස්ථානය මාස දෙකකට අඩු කාලයකදී ළඟා කර ගැනීමට මෙම වීඩියෝවට හැකි වූ අතර, එය හාර්දික් පාණ්ඩ්‍යා (Hardik Pandya) සහ ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ (Cristiano Ronaldo) වැනි ප්‍රසිද්ධ පුද්ගලයන්ගේ වීඩියෝ පවා අභිබවා ගොස් ඇත.
මෙම වීඩියෝවට පෙර වැඩිම නැරඹුම් ලැබූ වීඩියෝ අතරට, බිලියන 1.6ක නැරඹුම් ලැබූ පාණ්ඩ්‍යාගේ BGMI හවුල්කාරිත්ව වීඩියෝවක් සහ බිලියන 1.4ක නැරඹුම් ලැබූ ස්මාර්ට් ජංගම දුරකථනයක් සඳහා වූ ප්‍රවර්ධන වීඩියෝවක් ඇතුළත් විය.
උපුටා ගැනීම: සියළු තොරතුරු Newswire ඇසුරෙනි.