දැඩි මැතිවරණ පරාජයක් හමුවේ වුවද ජපාන අගමැති ධුරයෙන් ඉවත් නොවීමට ප්‍රතිඥා දෙයි

ජපානයේ පාලක සභාගයට රටේ ඉහළ මන්ත්‍රී මණ්ඩලයේ බහුතරය අහිමි වී ඇතත්, අගමැති ෂිගෙරු ඉෂිබා (Shigeru Ishiba) ධුරයෙන් ඉවත් වීමට සැලසුම් නොකරන බව පවසා තිබෙනවා.

ඉරිදා (ජූලි 20) පැවති තියුණු තරඟකාරී මැතිවරණයට ඡන්ද දායකයින් සහභාගී වූයේ, ඉහළ යන මිල ගණන් සහ එක්සත් ජනපද තීරුබදු තර්ජනය හේතුවෙන් ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය (LDP) සහ එහි කනිෂ්ඨ හවුල්කරු වන කොමෙයිටෝ (Komeito) සභාගය කෙරෙහි පැවති අතෘප්තිය මධ්‍යයේයි.

පසුගිය වසරේ ජපානයේ වඩා බලවත් පහළ මන්ත්‍රී මණ්ඩලයේ බහුතරය දැනටමත් අහිමි වී තිබීම නිසා, මෙම පරාජය සභාගයේ බලපෑම තවදුරටත් හීන කරනු ඇත. පාලක සභාගයට 248 අසුන් සහිත ඉහළ මන්ත්‍රී මණ්ඩලයේ පාලනය පවත්වා ගැනීමට අසුන් 50ක් අවශ්‍ය විය. අවසානයේ ඔවුන්ට අසුන් 47ක් හිමි වුණි. ප්‍රධාන විපක්ෂය වන ව්‍යවස්ථාපිත ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය (Constitutional Democratic Party) අසුන් 22ක් ලබා ගනිමින් දෙවන ස්ථානයට පත් විය.

ඉරිදා මැතිවරණයේදී ඉහළ මන්ත්‍රී මණ්ඩලයේ අසුන්වලින් අඩක් සඳහා ඡන්දය ප්‍රකාශ කරන ලද අතර, සාමාජිකයින් වසර හයක ධුර කාලයක් සඳහා තෝරා ගැනේ.

 

උපුටා ගැනීම: සියළු තොරතුරු BBC ඇසුරෙනි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top