තායිලන්ත අගමැතිනිය ධුරයෙන් ඉවතට!

කාම්බෝජයේ (Cambodia) හිටපු නායකයා සමඟ පැවැත් වූ දුරකථන සංවාදයක් හේතුවෙන් තායිලන්තයේ (Thailand) හිටපු අගමැතිනිය වන පෙටොන්ග්තාර්න් ෂිනවත්‍රා (Paetongtarn Shinawatra), ඇගේ ධුරයෙන් ඉවත් කර තිබෙනවා.

ඇය, මෙම තීන්දුව පිළිගන්නා බව ප්‍රකාශ කරමින්, “නමුත් තායිලන්ත ජාතිකයෙකු ලෙස, මම තායි ජනතාව වෙනුවෙන් වැඩ කිරීමට මගේ අවංකභාවය අවධාරණය කරනවා,” යැයි කෙටි මාධ්‍ය හමුවකදී පවසා ඇත.

ලීක් වූ දුරකථන සංවාදයකදී, ඇය කාම්බෝජයේ හිටපු නායක හුන් සෙන් (Hun Sen) “මාමා” ලෙස අමතා ඇති අතර තායි හමුදාව විවේචනය කරන අයුරු ද ඇති බව වාර්තා වේ. ඇයගේ පක්ෂයටද හානිදායක වූ මෙම සිදුවීම, ඇයට සහ ඇගේ පක්ෂයට දැඩි අපහසුතාවයක් ඇති කළ බව ද වාර්තා වේ.

ඇයගේ ධුරයෙන් ඉවත් කිරීමෙන් පසු, නව අගමැතිවරයෙකු පත් කරන තෙක් එරට නියෝජ්‍ය අගමැතිවරයා පාලනය කරගෙන යනු ඇත. 2008 වසරෙන් පසු මෙම අධිකරණය විසින් ධුරයෙන් නෙරපා හරින ලද පස්වන නායිකාව ඇය වන අතර, මෙම සිදුවීමත් සමඟ නැවත වරක් තායිලන්තය අවිනිශ්චිත තත්ත්වයකට පත් වී තිබෙනවා.

උපුටා ගැනීම: සියළු තොරතුරු BBC ඇසුරෙනි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top