ව්‍යාපාරිකයෙකු සහ ප්‍රවීණ දේශපාලනඥයෙකු වන අනුටින් චාන්විරකුල්, මාස ගණනාවක් පුරා පැවති දේශපාලන අර්බුදයකින් පසුව, රජුගේ අනුමැතිය ලැබීමෙන් අනතුරුව තායිලන්තයේ නව අග්‍රාමාත්‍ය ධූරයට පත්ව ඇත.
“අනුටින් චාන්විරකුල් මහතාට අග්‍රාමාත්‍ය ධූරය ලබා දීමට මහරජතුමාගේ අනුමැතිය හිමි වී තිබෙනවා” යැයි තායිලන්ත පාර්ලිමේන්තුවේ පහළ මන්ත්‍රී මණ්ඩලයේ මහලේකම් අර්පත් සුඛානන්ත් මහතා ඉරිදා, බැංකොක්හි අනුටින්ගේ භූම්ජයිතායි පක්ෂ මූලස්ථානයේ පැවති උත්සවයකදී රාජකීය නියෝගයක් කියවමින් ප්‍රකාශ ප්‍රකාශ කර ඇත.
58 හැවිරිදි අනුටින් වසර දෙකක් ඇතුළත රාජධානියේ තෙවැනි නායකයා බවට පත්වන නමුත්, ඔහුට බලය හිමිව ඇත්තේ මාස හතරක් ඇතුළත පාර්ලිමේන්තුව විසුරුවා හැර මැතිවරණයක් පැවැත්විය යුතුය යන කොන්දේසිය මත වඩා ප්‍රබල හා ප්‍රගතිශීලී මහජන පක්ෂයේ සහයෝගය ඇතිවය.
නැෂනල් ඉන්ස්ටිටියුට් ඔෆ් ඩිවලොප්මන්ට් ඇඩ්මිනිස්ට්‍රේෂන් විසින් පවත්වන ලද සහ ඉරිදා ප්‍රකාශයට පත් කරන ලද සමීක්ෂණයකින් පෙනී යන්නේ, 59.24%ක් ඡන්දදායකයින් හැකි ඉක්මනින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට කැමති බවත්, 27%ක් මාස හතරකින් එය විසුරුවා හැරිය යුතු බවත්ය.
උපුටා ගැනීම: සියළු තොරතුරු ALJAZEERA ඇසුරෙනි.