තායිලන්තයට සහ කාම්බෝජයට සටන් නවත්වන ලෙස ට්‍රම්ප් දැනුම් දෙයි

එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් (Donald Trump) ප්‍රකාශ කර ඇත්තේ, තායිලන්තය (Thailand) සහ කාම්බෝජය (Cambodia) අතර දේශසීමා ගැටුම් හේතුවෙන් “වහාම සටන් විරාමයක්” ඉල්ලා සිටි දෙරටේම නායකයින් සමඟ තමා සාකච්ඡා කළ බවයි.

ස්කොට්ලන්ත ගොල්ෆ් පිටිවල (Scottish golf courses) පුද්ගලික සංචාරයක් ආරම්භයේදී ට්‍රම්ප්, Truth Social හි පළ කළේ, දෙරටම වහාම හමු වී ඉක්මනින් සටන් විරාමයක් සහ අවසානයේ සාමයක් සඳහා කටයුතු කිරීමට එකඟ වී ඇති බවයි.

ජූලි 24 වන දින සටන් ආරම්භ වූ දා සිට, අවම වශයෙන් සොල්දාදුවන් සහ සිවිල් වැසියන් 33 දෙනෙකු මියගොස් ඇති අතර, තායි සහ කාම්බෝජ ජාතිකයින් දස දහස් ගණනක් අවතැන් වී තිබෙනවා. ට්‍රම්ප්ගේ මැදිහත්වීම සිදුවන්නේ, කාම්බෝජය සහ තායිලන්තය මත එක්සත් ජනපද තීරුබදු ක්‍රියාත්මක වීමට සතියකට පෙරයි.

අගෝස්තු 1 වන දින සිට, තායිලන්තයෙන් හෝ කාම්බෝජයෙන් භාණ්ඩ නැව්ගත කරන එක්සත් ජනපදයේ ව්‍යාපාරවලට, ඊට පෙර ගිවිසුමකට එළඹිය නොහැකි වුවහොත් 36%ක බද්දක් ගෙවීමට සිදුවනු ඇත.

උපුටා ගැනීම: සියළු තොරතුරු BBC ඇසුරෙනි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top