ඩෙල්ටා ගුවන් යානයකට දැඩි කැළඹිලි: කිහිප දෙනෙක් රෝහල් ගත කරයි

සෝල්ට් ලේක් සිටි (Salt Lake City) සිට ඇම්ස්ටර්ඩෑම් (Amsterdam) දක්වා ගමන් කරමින් තිබූ ඩෙල්ටා (Delta) ගුවන් යානයකට බදාදා (ජූලි 30) දරුණු කැළඹිලි තත්ත්වයක් ඇති වී තිබෙනවා. ඒ හේතුවෙන් සේවා කරත්ත සහ පටි නොබැඳ සිටි මගීන් විසි වී ඇති අතර, හදිසි ගොඩබෑමක් සඳහා මිනසෝටා (Minnesota) වෙත යානය යොමු කිරීමට සිදුව තිබෙනවා. එහිදී ගුවන් යානයේ සිටි 25 දෙනෙකු රෝහල් ගත කරනු ලැබුවා.

DL56 දරණ මෙම ගුවන් යානය මිනිපොලිස්-සෙන්ට් පෝල් ජාත්‍යන්තර ගුවන් තොටුපළට (Minneapolis-Saint Paul International Airport) ආරක්ෂිතව ගොඩබස්වා ඇති බව ඩෙල්ටා සමාගම පැවසුවා. ගුවන් යානය ගොඩබෑමෙන් පසු යානයේ සිටි කාර්ය මණ්ඩලයේ සාමාජිකයින් හත් දෙනාම ඇතුලු  25 දෙනෙකු ප්‍රදේශයේ රෝහල් වෙත ගෙන ගිය බව ඩෙල්ටා සමාගම නිවේදනය කළා.

මෙම ගුවන් යානයට කැළඹිලි තත්ත්වය ඇතිවී ඇත්තේ නිරිතදිග වයෝමිං (Wyoming) ප්‍රදේශයට ඉහළින් ගමන් කරන විට බවට සැක කෙරෙන අතර, එය එදින පෙරවරුවේ ෆෙඩරල් ගුවන් සේවා අනාවැකිකරුවන් විසින් ගැටළු ඇති විය හැකි ස්ථානයක් ලෙස හඳුනාගෙන තිබුණා.

උපුටා ගැනීම: සියළු තොරතුරු Newswire ඇසුරෙනි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top