‘ඩිස්නි ඇඩ්වෙන්චර්’ (Disney Adventure) නෞකාවේ පළමු මුහුදු ගමන කල් යයි

නැව් තැනීමේ ක්‍රියාවලියේ ඇති වූ අනපේක්ෂිත ප්‍රමාදයන් හේතුවෙන්, ඩිස්නි ක්‍රූස් ලයින් සමාගමට අයත්ඩිස්නි ඇඩ්වෙන්චර්නෞකාවේ පළමු මුහුදු ගමන 2025 දෙසැම්බර් සිට 2026 මාර්තු දක්වා කල් දමා ඇත.

මෙම නෞකාව මුලින්ම 2025 දෙසැම්බර් 15 දින සිංගප්පූරුවේ මරීනා බේ කෲස් මධ්‍යස්ථානයේ සිට සිය පළමු ගමන ආරම්භ කිරීමට නියමිතව තිබුණි. කෙසේ වෙතත්, නව දිනය ලෙස දැන් 2026 මාර්තු 10 දින නියම කර ඇත.

ඩිස්නි සිග්නේචර් එක්ස්පීරියන්සස් හි සභාපති ජෝ ෂොට් ප්‍රකාශයක් නිකුත් කරමින් පවසා ඇත්තේ, “අපගේ විශිෂ්ටත්වය සඳහා වන කැපවීම පිළිබිඹු කරන අත්දැකීමක් ලබා දීම සහතික කිරීම සඳහා, අපගේ කාලසටහන වෙනස් කිරීමට අපි තීරණය කළායනුවෙනි.

ඩිස්නි ක්‍රූස් ලයින් ප්‍රකාශකයෙකුට අනුව, 2025 දෙසැම්බර් 15 සහ 2026 මාර්තු 12 අතර කාලය තුළ නියමිතව තිබූ මුහුදු ගමන් 25කට මෙයින් බලපෑම් ඇති වනු ඇත. බලපෑමට ලක් වූ අමුත්තන් සහ සංචාරක නියෝජිතයින් සමඟ විකල්ප ලබා දීම සඳහා සමාගම කෙළින්ම සම්බන්ධ වෙමින් සිටී.

ඩිස්නි ක්‍රූස් ලයින් සමාගම මෙම නෞකාව අර්ධ වශයෙන් ඉදිකර තිබියදී ජෙන්ටිං හොංකොංහි ඩ්‍රීම් කෲසස් වෙතින් ලබාගෙන ඇත.

උපුටා ගැනීම: සියළු තොරතුරු CNA ඇසුරෙනි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top