ඩනාස් (Danas) සුළි කුණාටුව ඉරිදා (ජූලි 06) අග භාගයේදී තායිවානයේ බටහිර වෙරළට කඩා වැදුණු බව මධ්‍යම කාලගුණ පරිපාලනය ප්‍රකාශ කර තිබෙනවා. මෙමගින් දිවයිනට අධික වර්ෂාවක් ලැබුණු අතර, එය ගංවතුර සහ නායයෑම් තත්ව ඇති කල බව සදහන් වේ.
සුළි කුණාටුව රාත්‍රී 11.40ට පමණ චියායි (Chiayi) ප්‍රාන්තයේ බුඩයි (Budai) නගරය ආසන්නයෙන් ගොඩබිමට කඩා වැදී ඇති අතර, එහි උපරිම සුළං වේගය පැයට කිලෝමීටර් 144ක් වූ බව කාලගුණ ඒජන්සිය පවසා ඇත. මධ්‍යම කාලගුණ පරිපාලනයේ නවතම උපදේශයට අනුව, ඩනාස් තායිවානයේ බටහිර වෙරළ දිගේ රාත්‍රිය පුරා උතුරට ගමන් කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.
සති අන්තය පුරා ඩනාස් විසින් දකුණු තායිවානය හරහා මිලිමීටර් 500කට අධික වර්ෂාවක් පතිත කර ඇති අතර, තම නිවෙස්වලින් ඉවත් කරන ලද 3,000කට ආසන්න පිරිසෙන් වැඩි දෙනෙක් දකුණු වරාය නගරය වන කාඕෂියුං (Kaohsiung) අවට කඳුකර ප්‍රදේශවල ජීවත් වී ඇත.
නායයෑම් 10ක් වාර්තා වී ඇති අතර, ප්‍රදේශ 49ක් ජලයෙන් යට වී ඇත. ජාතික ගිනි නිවන ඒජන්සියට අනුව, අවම වශයෙන් පුද්ගලයන් 28 දෙනෙකු තුවාල සඳහා ප්‍රතිකාර ලබන බව වාර්තා වේ.
උපුටා ගැනීම: සියළු තොරතුරු BBC ඇසුරෙනි.