ටෝකියෝ අසල වෙරළබඩ උත්සවයකදී සමුද්‍රීය ආරක්ෂාවට යාඥා

ටෝකියෝ (Tokyo) නගරයට දකුණින් පිහිටි යොකොසුකා (Yokosuka) නගරයේ කුරිහාමා (Kurihama) ප්‍රදේශයේ වෙරළ තීරයක සිය ගණනක් වැසියන් සති අන්තයේ සමුද්‍රීය ආරක්ෂාව වෙනුවෙන් යාඥා කිරීම සඳහා  පූජනීය චාරිත්‍ර වාරිත්‍ර සහ මුහුදුබඩ දර්ශන මුසු වූ ගිම්හාන උත්සවයක් පවත්වන බව වාර්තා වේ.

ෂින්ටෝ (Shinto) ආභරණවලින් සරසා ඇති ‘මිකෝෂි’ (mikoshi) නම් අතේ ගෙන යා හැකි සිද්ධස්ථානයක් කර මතට ඔසවා සුමියෝෂි සිද්ධස්ථානයෙන් (Sumiyoshi Shrine) ගමන් ආරම්භ කරන මෙය, සිද්ධස්ථාන පූජකවරුන් පූජා භාණ්ඩවලට ආශිර්වාද කිරීමටත්, තම නිවෙස්වලින් පිටත රැස්ව සිටි මිනිසුන්ට යහපත ප්‍රාර්ථනා කිරීමත් සිදුකරයි.

අවුරුද්ද පුරාම එක්වරක් උදාවන මෙම දිනය, ශක්තියේ සහ එකමුතුකමේ සැමරුමක් ලෙස කුරිහාමා අසල්වැසි සංගමයේ (Kurihama Neighbourhood Association) ප්‍රධානී ෂුජි ෂිමිසු (Shuji Shimizu) පවසා ඇත. උත්සවය අවසානයෙන් පසු මිකෝෂි ඊළඟ ගිම්හානය දක්වා සිද්ධස්ථානයේ ගබඩා කිරීම සිදුකරයි.

උපුටා ගැනීම: සියළු තොරතුරු ALJAZEERA ඇසුරෙනි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top