ටේලර් ස්විෆ්ට්ගේ AI අසභ්‍ය වීඩියෝ නිර්මාණය කිරීම සම්බන්ධයෙන් එලොන් මස්ක්ගේ AI වෙත චෝදනා

එලොන් මස්ක්ගේ (Elon Musk) AI (artificial intelligence) වීඩියෝ, කිසිදු විමසීමකින් තොරව ගායිකා ටේලර් ස්විෆ්ට්ගේ (Taylor Swift) ලිංගික අසභ්‍ය වීඩියෝ (sexually explicit videos) නිර්මාණය කිරීම හිතාමතා ගත් තීරණයක් බවට අන්තර්ජාල අපයෝජන පිළිබඳ විශේෂඥයෙකු චෝදනා කරයි.

අසභ්‍ය ඩීප්ෆේක්ස් (deepfakes) නීති විරෝධී කරන නීතියක් කෙටුම්පත් කිරීමට සහාය වූ නීති මහාචාර්ය ක්ලෙයාර් මැක්ග්ලින් (Clare McGlynn) පවසා ඇත්තේ, මෙය අහම්බෙන් සිදුවූ කාන්තා විරෝධී ක්‍රියාවක් නොව, සැලසුම් සහගතව සිදු කළ දෙයක් බවයි. ඩීප්ෆේක්ස් යනු එක් පුද්ගලයෙකුගේ මුහුණ තවත් අයෙකුගේ මුහුණකින් ආදේශ කර පරිගණකයකින් ජනනය කරන ලද රූප වේ.

මේ ආකාරයෙන් ටේලර් ස්විෆ්ට්ගේ රූපය භාවිතා කළ පළමු අවස්ථාව මෙය නොවේ. 2024 ජනවාරි මාසයේදී X සහ ටෙලිග්‍රාම් (Telegram) හරහා ඇයගේ මුහුණ යොදා ගත් ලිංගික අසභ්‍ය ඩීප්ෆේක්ස් මිලියන ගණනක් වතාවක් නරඹා ඇත.

උපුටා ගැනීම: සියළු තොරතුරු BBC ඇසුරෙනි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top