ඇමරිකා එක්සත් ජනපදයේ ටෙක්සාස් ප්‍රාන්තයට බලපෑ දරුණු හදිසි ගංවතුරක් හේතුවෙන් ළමුන් ඇතුළු පුද්ගලයන් මියගොස් ඇති අතර, තවත් බොහෝ පිරිසක් අතුරුදන්ව සිටිනවා. සෙවීම් සහ ගලවා ගැනීමේ කණ්ඩායම් හෙලිකොප්ටර්, බෝට්ටු සහ ඩ්‍රෝන යානා යොදා ගනිමින් පැය විසිහතර පුරාම ක්‍රියාත්මක වන අතර, විනාශ වූ මාර්ග හේතුවෙන් අවතැන් වූ ප්‍රදේශවල සහ ගස් මත සිරවී සිටින පුද්ගලයන් සෙවීමටත්, මියගිය පුද්ගලයන්ගේ සිරුරු සොයා ගැනීමටත් කටයුතු කරමින් සිටින බව වාර්තා වේ.
කර් ප්‍රාන්තයේ ගංගාවක් අසල පිහිටි ක්‍රිස්තියානි ගැහැණු ළමුන්ගේ ගිම්හාන කඳවුරක් වන කැම්ප් මිස්ටික් (Camp Mystic) වැඩිම හානියට පත්ව ඇති අතර, කඳවුරුකරුවන් විසි දෙනෙකුට වැඩි පිරිසක් තවමත් අතුරුදන්ව සිටිනවා. එය ඇමරිකාවේ වැඩිම ගංවතුර අවදානමක් ඇති ප්‍රදේශයක් බවට පත් කර ඇත.
2025 ජූලි 4 වැනිදා අලුයම, ගිම්හාන කඳවුරු සහ කුඩා ප්‍රජාවන් පිහිටා ඇති, සැන් ඇන්ටෝනියෝ නගරයට කිලෝමීටර 112ක් (සැතපුම් 70ක්) පමණ බටහිරින් පිහිටි ප්‍රදේශයකට ගංවතුර ඇති වූ අතර, මේ වන විට අවම වශයෙන් පුද්ගලයන් 50 දෙනෙකු මියගොස් ඇති අතර, එක් කඳවුරක සිටි ගැහැණු ළමුන් 27 දෙනෙකු තවමත් අතුරුදන්ව බව වාර්තා වේ.
අධික වර්ෂාපතනය හේතුවෙන් කඳු බෑවුම්වලින් ජලය වේගයෙන් දිය පහරවල් වෙත ගලා ඒමෙන් ගුවාඩලුප් ගඟ පිටාර ගැලීමත් සමඟ මෙම ජල ගැල්ම ආරම්භ විය. සිකුරාදා අලුයම වන විට විනාඩි 45ක් වැනි කෙටි කාලයක් තුළ ගුවාඩලුප් ගඟේ ජල මට්ටම අඩි 26ක් (මීටර් 8ක්) ඉහළ ගොස් නිවාස සහ වාහන වලට හානි සිදුවිය. සෙනසුරාදා ද වර්ෂාව දිගටම පැවති අතර, හදිසි ගංවතුර අනතුරු ඇඟවීම් තවදුරටත් ක්‍රියාත්මක වේ.
උපුටා ගැනීම: සියළු තොරතුරු ALJAZEERA ඇසුරෙනි.