SpaceX සමාගමේ ස්ටාර්ෂිප් (Starship) රොකට්ටුවක් බදාදා රාත්‍රියේ ටෙක්සාස්හි බ්‍රවුන්ස්විල් (Brownsville) හි පිහිටි සමාගමේ ස්ටාර්බේස් (Starbase) මධ්‍යස්ථානයේදී සිදුකළ පරීක්ෂණයක් අතරතුර පුපුරා ගොස් තිබේ. මෙම පිපිරීමෙන් කිසිවෙකුටත් හානියක් සිදුවී නොමැති නමුත්, අඟහරු වෙත මිනිසුන් යැවීමේ එලොන් මස්ක්ගේ (Elon Musk) අරමුණට මෙය බාධාවක් වනු ඇත.
ලොව උසම රොකට්ටුව වන අඩි 400ක් උසැති මෙය, සිය දසවන පරීක්ෂණ ගුවන් ගමන සඳහා සූදානම් කරමින් සිටියදී “ප්‍රධාන අසාමාන්‍යතාවයක්” (major anomaly) සිදුවී ඇත. නයිට්‍රජන් ගෑස් ටැංකියක දෝෂයක් ඇති වන්නට ඇති බව එලොන් මස්ක් පැවසූ අතර, මෙම සැලසුමෙන් මෙවැනි සිදුවීමක් පෙර නොවූ විරූ බව ද ඔහු අවධාරණය කළේය.
මෙය ස්ටාර්ෂිප් වැඩසටහනට මෑතකදී සිදුවූ අසාර්ථකවීම් කිහිපයෙන් එකකි. මීට පෙර සිදුකළ පරීක්ෂණවලදී, රොකට්ටුව පාලනයෙන් තොර වී, අහසේදී පුපුරා ගොස්, ගුවන් ගමනාගමනයටද බාධා ඇති කර තිබුණි.
SpaceX සමාගම පිපිරීමට හේතුව සොයා බලමින් සිටින අතර, ආරක්ෂක හෝ පාරිසරික අවදානම් තක්සේරු කිරීම සඳහා පළාත් පාලන සහ ෆෙඩරල් බලධාරීන් සමඟ කටයුතු කරමින් සිටී.
උපුටා ගැනීම: සියළු තොරතුරු Reuters ඇසුරෙනි.