ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් (Donald Trump) විසින් හිටපු උප ජනාධිපතිනී කමලා හැරිස්ට (Kamala Harris) ලබා දුන් රහස් සේවා ආරක්ෂාව (Secret Service protection) අවලංගු කර තිබෙනවා.
උප ජනාධිපතිනියක ලෙස තනතුරින් ඉවත් වූ පසු ඇයට නීතියට අනුව මාස හයක ආරක්ෂාවක් හිමි වූ අතර, එය ජූලි මාසයේදී කල් ඉකුත් වීමට නියමිතව තිබුණා. නමුත් හිටපු ජනාධිපති ජෝ බයිඩන් (Joe Biden) විසින් ඇයගේ ආරක්ෂාව තවත් වසරක් සඳහා නිහඬව දීර්ඝ කර තිබූ අතර, ට්‍රම්ප් විසින් එම නියෝගය අහෝසි කර ඇති බව වාර්තා වේ.
මෙම තීරණය සැප්තැම්බර් 1 වනදා සිට ක්‍රියාත්මක වීමට නියමිතයි. මෙම පියවර ගෙන ඇත්තේ හැරිස් ඇගේ “107 Days” නම් මතක සටහන් පොත ප්‍රවර්ධනය කිරීම සඳහා ජාතික පොත් ප්‍රචාරක සංචාරයක් ආරම්භ කිරීමට සූදානම් වන අවස්ථාවක වීම විශේෂත්වයක් වේ.
උපුටා ගැනීම: සියළු තොරතුරු BBC ඇසුරෙනි.