ඇමෙරිකා එක්සත් ජනපදයේ ඉහළම සිවිල් ගෞරව සම්මානය වන ‘Presidential Medal of Freedom’ (මෙඩල් ඔෆ් ෆ්‍රීඩම්) හිටපු නිව් යෝර්ක් නගරාධිපති රුඩී ජියුලියානිට පිරිනමන බව ඩොනල්ඩ් ට්‍රම්ප් සිය Truth Social සමාජ මාධ්‍ය සටහනක් හරහා නිවේදනය කර තිබේ. 9/11 ප්‍රහාරවලදී ඔහුගේ නායකත්වය හේතුවෙන් “ඇමරිකාවේ නගරාධිපති” ලෙස නිතර හැඳින්වූ ජියුලියානි, පසුව දෙදෙනා වෙන්වීමට පෙර ට්‍රම්ප්ගේ පුද්ගලික නීතිඥවරයා ලෙස ද කටයුතු කළේය.
මෙම නිවේදනය නිකුත් කරනු ලැබ ඇත්තේ, නිව් හැම්ප්ෂයර් හි සිදුවූ රිය අනතුරකින් පිටකොන්දට තුවාල සිදුවූ ජියුලියානි රෝහලෙන් පිටවී දින කිහිපයකට පසුවය. ට්‍රම්ප් ඔහුව “නිව් යෝර්ක් නගරයේ ඉතිහාසයේ ශ්‍රේෂ්ඨතම නගරාධිපතිවරයා සහ ඒ හා සමානව ශ්‍රේෂ්ඨ ඇමරිකානු දේශප්‍රේමියෙකු” ලෙස අගය කර තිබේ.
උපුටා ගැනීම: සියළු තොරතුරු BBC ඇසුරෙනි.