කිල්මාර් ඇබ්‍රෙගෝ ගාර්සියා (Kilmar Abrego Garcia) උගන්ඩාවට (Uganda) පිටුවහල් කිරීමට අදහස් කරන බව, එක්සත් ජනපදයේ සංක්‍රමණ නිලධාරීන් උසාවියට දැනුම් දී ඇති අතර, එය ඩොනල්ඩ් ට්‍රම්ප් (Donald Trump) පාලනයේ පළිගැනීමේ ක්‍රියාවක් ලෙස ඔහුගේ නීති කණ්ඩායම විස්තර කරයි.
මිනිස් ජාවාරම් චෝදනා (human smuggling charges) සඳහා වරද පිළිගෙන සිරගෙදර රැඳී සිටීම වෙනුවට කොස්ටාරිකාවට (Costa Rica) පිටුවහල් කිරීමේ යෝජනාවක් ඔහු ප්‍රතික්ෂේප කිරීමෙන් පසුව, ඔහු උගන්ඩාවට පිටුවහල් කිරීමට තීරණය කළ බව උසාවි ලේඛනවල සඳහන් වේ. ඔහු වැරදිකරු නොවන බවට පවසා ඇති අතර, ඔහුට එරෙහි නඩුව ඉවත් කරන ලෙස විනිසුරුවරයාගෙන් ඉල්ලා තිබෙනවා.
ඇබ්‍රෙගෝ ගාර්සියාගේ සිද්ධිය, ට්‍රම්ප්ගේ දැඩි සංක්‍රමණ විරෝධී න්‍යාය පත්‍රයේ මතභේදාත්මක කරුණක් බවට පත් විය. වැරදීමකින් මාර්තු මාසයේදී පිටුවහල් කිරීමෙන් පසු, අධිකරණ නියෝගයකට මුහුණ දෙමින්, ට්‍රම්ප් පාලනය ඔහුව ජූනි මාසයේදී නැවත එක්සත් ජනපදයට ගෙන්වා ගත් නමුත්, මිනිස් ජාවාරම් චෝදනා මත ඔහුව රඳවා ගනු ලැබීය.
උපුටා ගැනීම: සියළු තොරතුරු ALJAZEERA ඇසුරෙනි.