ට්‍රම්ප් පවුලෙන් නව ජංගම දුරකථන සේවාවක් සහ ‘රන්’ ස්මාර්ට් ජංගම දුරකථනයක්!

එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පවුලේ ව්‍යාපාරය, ට්‍රම්ප් මොබයිල් (Trump Mobile) නමින් නව එක්සත් ජනපද ජංගම දුරකථන සේවාවක් සහ ඇමරිකානු ඩොලර් 499ස්මාර්ට් ජංගම දුරකථනයක් ජූනි 16 වැනිදා සඳුදා දින එළිදැක්වීය. මෙය, ජනාධිපති ධුරය හොබවන අතරතුර ට්‍රම්ප්ගේ දරුවන් ඔහුගේ නාමය භාවිත කරමින් සිදු කළ නවතම ව්‍යාපාරික ගනුදෙනුවයි.

ජනාධිපතිවරයාගේ වැඩිමහල් පුත් Donald Trump Jr. පැවසුවේ, “මිනිසුන්ට තම දුරකථනවලින් වෛද්‍ය උපදෙස්, මාර්ගස්ථ ආධාර, සහ ලොව පුරා රටවල් 100කට අසීමිත කෙටි පණිවිඩ යැවීම එක් මාසික ගාස්තුවකට ලබා ගත හැකි සමස්ත නිෂ්පාදන පැකේජයක් අපි හඳුන්වා දීමට සූදානම්” යනුවෙනි.

නව ජාලය සඳහා මසකට ඇමරිකානු ඩොලර් 47.45 දායකත්වයක් අය කෙරේ. මෙම මිල, ට්‍රම්ප් මහතා 45 වැනි ජනාධිපතිවරයා ලෙස පෙර ධුර කාලයේ කටයුතු කිරීම සහ වර්තමානයේ 47 වැනි ජනාධිපතිවරයා ලෙස සේවය කිරීම සංකේතවත් කරයි.

කෙසේ වෙතත්, මෙම දුරකථනය නිෂ්පාදනය කරන්නේ කවුරුන්ද යන්න සහ ව්‍යාපාරික හවුල්කරුවන් පිළිබඳ සම්පූර්ණ විස්තර මෙහිදී අනාවරණය කර නැත. මුලින් දුරකථන ඇමෙරිකාව තුළ නිෂ්පාදනය නොවිය හැකි බව එරික් ට්‍රම්ප් (Eric Trump) පිළිගෙන තිබේ.

උපුටා ගැනීම: සියළු තොරතුරු CNA ඇසුරෙනි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top