ට්‍රම්ප් පරිපාලනය මාටින් ලූතර් කිං ජූනියර් ඝාතනයට අදාළ ලිපිගොනු වර්ගීකරණයෙන් ඉවත් කරයි

එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ (Donald Trump) පරිපාලනය, සිවිල් අයිතිවාසිකම් නායක මාටින් ලූතර් කිං ජූනියර් (Martin Luther King Jr.) ගේ 1968 ඝාතනයට අදාළ ලිපිගොනු පිටු 230,000කට අධික ප්‍රමාණයක් ප්‍රසිද්ධියට පත් කර තිබේ.

ජාතික බුද්ධි අධ්‍යක්ෂ තුල්සි ගැබාර්ඩ් (Tulsi Gabbard) නිකුත් කළ නිවේදනයක සඳහන් කළේ, මෙම නිකුත් කිරීම පෙර නොවූ විරූ එකක් බවත්, සම්පූර්ණ විනිවිදභාවය සඳහා ජනාධිපතිවරයාගේ කැපවීම එහිදී අවධාරණය කළ බවත්ය. ට්‍රම්ප් බලයට පත්වීමෙන් පසු, කිං, හිටපු ජනාධිපති ජෝන් එෆ් කෙනඩි (John F Kennedy) සහ හිටපු සෙනෙට් සභික රොබට් එෆ් කෙනඩි (Robert F Kennedy) ගේ ඝාතනවලට අදාළ ලේඛන වර්ගීකරණයෙන් ඉවත් කරමින් විධායක නියෝගයකට අත්සන් තබා ඇත.

කිංගේ වාර්තා, 1977 සිට අධිකරණ නියෝගයකට යටත්ව මුද්‍රා තබා තිබූ අතර, එෆ්.බී.අයි (FBI) ඒවා මුලින්ම එකතු කර ජාතික ලේඛනාගාර හා වාර්තා පරිපාලනයට (National Archives and Records Administration) භාර දෙන ලදී. ජාතික ලේඛනාගාරය ජෝන් එෆ් කෙනඩිගේ 1963 නොවැම්බර් ඝාතනයට අදාළ වාර්තා මාර්තු මාසයේදීද, රොබට් එෆ් කෙනඩිගේ 1968 ජූනි ඝාතනයට අදාළ ලිපිගොනු අප්‍රේල් මාසයේදීද නිකුත් කර ඇත.

 

උපුටා ගැනීම: සියළු තොරතුරු ALJAZEERA ඇසුරෙනි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top