ට්‍රම්ප්ගේ විවේචන හමුවේ Cracker Barrel අවන්හල් ජාලය සිය පැරණි ලාංඡනය නැවත ගෙන එයි

එක්සත් ජනපදයේ (US) ජනප්‍රිය අවන්හල් දාමයක් වන Cracker Barrel, ඩොනල්ඩ් ට්‍රම්ප් (Donald Trump) ඇතුළු දක්ෂිනාංශික පුද්ගලයින් විසින් මෙහෙයවන ලද මහජන විරෝධයක් හේතුවෙන් තම ආන්දෝලනාත්මක නව ලාංඡනය අතහැර දමා, දශක ගණනක් පැරණි ලාංඡනය නැවත ගෙන ඒමට තීරණය කර තිබෙනවා.

මෙම සමාගම පසුගිය සතියේ එහි සන්නාමයේ පස්වන පරිණාමය ලෙස සරල, අකුරු පමණක් අඩංගු නව ලාංඡනයක් හඳුන්වා දුන් අතර, එහි පැරණි ලාංඡනයේ තිබූ බැරලයක් මත හේත්තු වී සිටින මිනිසෙකුගේ රූපය ඉවත් කර තිබුණි. නව සැලසුම, සමාගම “woke” වී ඇති බවට (වර්ණභේදය සහ ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය සම්බන්ධයෙන් දැඩි අවධානයක් යොමු කරන බවට) දක්ෂිනාංශික විචාරකයින් චෝදනා කිරීමත් සමඟ දැඩි විරෝධයකට ලක් විය.

සමාගමේ තීරණය ප්‍රකාශයට පත් කිරීමට පෙර, ට්‍රම්ප් පවසා තිබුණේ, සමාගම සිය පැරණි ලාංඡනය වෙත ආපසු යා යුතු බවත්, තමන් වැරැද්දක් කළ බව පිළිගත යුතු බවත්ය.

මෙම තීරණයත් සමඟ, Cracker Barrel හි කොටස් මිල 7%කට වඩා වැඩි ප්‍රතිශතයකින් ඉහළ ගොස් ඇති බවද වාර්තා වේ.

උපුටා ගැනීම: සියළු තොරතුරු ALJAZEERA ඇසුරෙනි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top