ට්‍රම්ප්ගේ තීරුබදු කල් දැමීමෙන් පසු ප්‍රධාන කොටස් වෙළෙඳපොළ ඉහළට!

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් (Donald Trump) තීරුබදු පැනවීමේ අවසන් කාලසීමාව දීර්ඝ කිරීමෙන් සහ තවදුරටත් කල් දැමීමක් පිළිබඳව ඉඟි කිරීමෙන් පසු ප්‍රධාන කොටස් වෙළෙඳපොළ අඟහරුවාදා (ජූලි 08) බොහෝ දුරට ඉහළ ගොස් ඇත.

තීරුබදු සඳහා වූ මාස තුනක විරාමය කල් ඉකුත් වීමට මොහොතකට පෙර, ලොව විශාලතම ආර්ථිකයට අපනයනය සඳහා ඉහළ තීරුබදු වළක්වා ගැනීම සඳහා ගිවිසුම් ඇති කර ගැනීමට රජයන්ට අමතර සති තුනක කාලයක් ලබා දෙන බව ට්‍රම්ප් පැවසුවා.

“ට්‍රම්ප් පරිපාලනයේ තීරුබදු පිළිබඳ නවතම නිවේදන මූල්‍ය වෙළෙඳපොළට යම් සහනයක් ලබා දුන්නා,” යනුවෙන් ආයෝජන විශ්ලේෂකයන් සඳහන් කර ඇති අතර, අනෙක් අතට, මෙය අවිනිශ්චිතතාවය දිගු කර වෙළෙඳපොළ ඉදිරි සති තුන තුළ අවසාන ප්‍රතිඵලය අනුමාන කිරීමට උත්සාහ කරනු ඇති බව පෙන්නුම් කරයි.

ට්‍රම්ප්, ඉහළම වෙළෙඳ හවුල්කරුවන් වන ජපානය සහ දකුණු කොරියාව ඇතුළුව රටවල් දුසිමකට වැඩි ගණනකට ලිපි යවා ඇති අතර, එහිදී ඔවුන් අගෝස්තු 1 වන දින වන විට ගිවිසුම්වලට එළඹීමට අපොහොසත් වුවහොත් අය කිරීමට අදහස් කරන දේ සඳහන් කර ඇති බව දැක්වේ.

නිලධාරීන්ට වොෂින්ටනය සමඟ ගිවිසුම්වලට එළඹීමට හැකි වනු ඇතැයි යන බලාපොරොත්තු මධ්‍යයේ, ආයෝජකයෝ මෙම ප්‍රමාදය තාවකාලිකව පිළිගෙන ඇති අතර, ඇතැම් නිරීක්ෂකයින් ජනාධිපතිවරයාගේ නවතම පියවර සාකච්ඡා උපක්‍රමයක් ලෙස පෙන්වා දී ඇත.

උපුටා ගැනීම: සියළු තොරතුරු NDTV ඇසුරෙනි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top