එක්සත් ජනපද (US) ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් (Donald Trump) විසින් පනවා ඇති බොහෝ තීරුබදු (tariffs) නීති විරෝධී බවට එක්සත් ජනපද අභියාචනාධිකරණයක් තීන්දු කර තිබෙනවා. මෙම තීන්දුව, ඔහුගේ විදේශ ප්‍රතිපත්ති න්‍යාය පත්‍රය වෙනස් කිරීමට බලපාන නෛතික ගැටුමක් ඇති කරනු ඇත.
මෙම තීන්දුව ලොව පුරා බොහෝ රටවලට පනවා ඇති ට්‍රම්ප්ගේ අන්‍යෝන්‍ය තීරුබදු මෙන්ම චීනය, මෙක්සිකෝව සහ කැනඩාව මත පනවා ඇති අනෙකුත් තීරුබදු සඳහා ද බලපානු ඇත.
අධිකරණය 7-4ක තීරණයකින් යුතුව, “නීතියට පටහැනි බැවින් අවලංගු” යැයි පවසමින්, මෙම තීරුබදු හදිසි ආර්ථික බලතල පනතක් යටතේ අවසර දී ඇති බවට ට්‍රම්ප්ගේ තර්කය ප්‍රතික්ෂේප කර ඇත. තවද, තීරුබදු පැනවීම ජනාධිපතිගේ අභිමතය පරිදි සිදු කළ නොහැකි බවත්, එය “කොංග්‍රසයේ මූලික බලයක්” බවත් අධිකරණය තීන්දු කර ඇත. මෙම තීන්දුව ඔක්තෝබර් 14 වනදා දක්වා ක්‍රියාත්මක නොවන අතර, එමගින් පරිපාලනයට එක්සත් ජනපද ශ්‍රේෂ්ඨාධිකරණයට (Supreme Court) අභියාචනයක් ඉදිරිපත් කිරීමට කාලය ලබා දෙනු ඇත.
උපුටා ගැනීම: සියළු තොරතුරු BBC ඇසුරෙනි.